යො’ධ දීඝං ව රස්සං වා අණුං ථූලං සුභාසුභං
ලොකෙ අදින්නං නාදියති තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුද්ගලයෙක් මෙ ලොවෙහි දිගු වූ හෝ ලුහුඬු වූ හෝ අණුවූ හෝ ස්ථූල වූ හෝ යහපත් වූ හෝ අයහපත් වූ හෝ (හිමියන් විසින්) නොදෙන ලද (මෙරමා සතු) දැයක් සොර සිතින් පැහැර නො ගණී ද ඔහු බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
"යොධ දීඝං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී එක්තරා තෙර නමක් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර එක් මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයෙක් සිරුරේ දුගඳ පැතිරෙන හෙයින් උතුරු සළුව බැහැර කොට එකත් පසෙක තබා ගෙයි දොරටුව අභිමුඛයේ වාඩි වී සිටියේය. මේ අතර රහතන් වහන්සේ නමක් දන් වැළදීමෙන් අනතුරුව විහාරය දෙසට වැඩමකරද්දී එම සළුව දැක ඔබ මොබ බලා කිසිවෙක් නොදන්නේ මෙයට ස්වාමියෙක් නැතැයි පංශකූල ප්‍රඥාවෙන් ගන්නා ලදී. අනතුරුව එය බමුණා දැක ආක්‍රෝෂ කරමින්ම අවුත් මුඩු මහණ මගේ සළුව ගන්නේද? පැවසීය. බ්‍රාහ්මණය මෙය ඔබගේද එසේය අයිතිකරු කිසිවෙක් මට නොපෙනුණ නිසා පාංශුකූල සංඥාවෙන් ගතිමි. දැන් මෙය ඔබේ නම් ගන්නැයි ඔහුට දී විහාරයට ගොස් මෙම කරුණ භික්ෂූන්ට දන්වා සිටියහ. මොහුගේ වචනය අසා භික්ෂූන් උන්වහන්සේ සමග කවටකම් කරමින් කිම ඇවැත්නි සාටකය දිගද - කොටද මෘදුද ආදිය විමසන්නේ මට එබඳු සංඥාවක් නැත. මට එබඳු හැගීමක් නැත. දිග - පළල - රළු - සුමුදු ආදී ලෙසට මට ඒ පිළිබඳව ඇලීමක් නැත. මම පාංශුකූල සඥාවෙන් ගතිමි මෙය අසා භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේට අභූතය කියා අනෙකක් කියතියි දැනුම් දුන්හ.
අනුන් සතු දේපල
තමනට නුදුන්නා කල
සොරෙන් ගත් නැති අය
බමුණකු වේ නිකසල
මේ ලෝකයේ යම් දෙයක් දික් වූ, කොට වු. කුඩා වූ, හෝ මහත් වූ, යහපත් වූ හෝ නපුරු වූ, නුදුන් දෙයක් නො ගනීද, ඒ තැනැත්තා බ්‍රාහ්මණ යැයි මම කියමි.
එහි අර්ථය සළුපිළි ආභරණ ආදිය දීඝංවා රස්සංවා දිගයි. කෙටියි කියා හෝ මුතු මැණික් ආදිය අණු වා ථූලං වා කියා හෝ මහාර්ඝ අල්ප අර්ඝයයි කියාහෝ සුභං වා අසුභං වා යහපත්ය අයහපත්ය කියා හෝ අන් අයගේ දෙයක් නොගනීද ඔහු බ්‍රාහ්මණ යයි කියමි.
දෙසුම අවසන බොහෝ දෙනෙක් සෝවාන් ඵලයට පත්වූහ.