යස්ස රාගො ච දොසො ච මානො මක්ඛො ච පාතිතො
සාසපො රිව ආරග්ගා තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් කිසිවකු විසින් රාගය ද ද්වේෂය ද මානය ද (ගුණ මැකීම් ලක්‍ෂණ වූ) මක්ඛය ද, හිදි අග නොරඳන අබැටක් මෙන් (ඒ ඒ මඟ නුවණින්) බැහැර ලන ලද්දේ ද එබඳු අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යි මම් කියමි.
"යස්ස රාගො” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටිය දී මහාපන්ථක තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
උන් වහන්සේ ආයුෂ්මත් චුල්ල පන්ථක තෙරුන්ට සිව්මසකින් එක් ගාථාවක් ප්‍රගුණ කිරිමට නොහැකිවන්නේ නුඹ සසුනේ පිරිහුන කෙනෙකි. ගිහි සම්පත් ද පිරිහුන කෙනෙකි. මෙහි වාසය කිරිමෙන් කවර ප්‍රයෝජනයක් ද මෙයින් පිටවී යන්නැයි විහාරයෙන් එළියට දමා දොර වැසුවේය.
භික්ෂූන් වහන්සේලා කථාවක් ඉපදවූහ. ආයුෂ්මත් මහා පන්ථක තෙරුන් විසින් මෙබඳු දෙයක් කළේය. රහතන් වහන්සේලාට ද ක්‍රෝධ ඇති වේ. තථාගතයන් වහන්සේ පැමිණ මහණෙනි. කිනම් කතාවකින් යුතුව සිටියෝදැයි විමසා භික්ෂූන්ගෙන්ම එම කරුණ දැනගෙන රහතන් වහන්සේලාට ක්‍රෝධය ඇති නොවේ. මගේ පුතු විසින් අනාගත අභිවෘද්ධිය පෙරටුගෙන හා ධර්මය පෙරදැරි කිරීම මුල්කරගෙන මෙය කරන ලදැයි පවසා මේ ගාථාව දෙසුහ.
ඉදිකටු මුණක අබැටක් නොරඳන ලෙස ට
රා දොස් මාන මද අව ගුණ සට කප ට
දුරුකොට හිතින් දැහැමින් නිවසන අය ට
බමුණෙකි කියා නම් කළ හැකිමය අප ට
යම් කිසිවකු විසින් රාගය ද දෝසයද මෝහයද මානයන් ඉදිකටු අතින් ගිලිහෙන්නා වූ අබ ඇටයක් මෙන්ම හෙලන ලදද ඔහුට බ්‍රාහ්මණයයි මම පවසයි.
එහි ආරග්ගා යමෙකු තුළ ඇති රාගාදී කෙලෙස්, මක්ඛො අනුන්ගේ ගුණ මකන. යටපත් කරන සගවන ස්වභාව ඇති, ආරග්ගා සාසපො පතිතො ඉදිකටු මුණකින් අබ ඇටයක් වැටෙන්නාක් මෙන් නො පිහිටයි. මෙසේ සිතෙහි ද ක්‍රෝධය නො පිහිටයි. තමහං බ්‍රාහ්මණං ඔහුට බ්‍රාහ්මණ යයි කියමි යන අර්ථයි.
දේවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලවල පිහිටියහ.