යො දුක්ඛස්ස පජානාති ඉධෙව ඛයමත්තනො
පන්නභාරං විසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුද්ගලයෙක් තෙම මේ ආත්මභාවයෙහි ම තමා පිළිබඳ (ස්කන්‍ධ) දුඃඛයාගේ විනාශය දනී ද, ස්කන්‍ධභාරය බහා තැබූ කෙලෙසුන් කෙරෙන් මිදුනු ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණයෙකි යී මම කියමි.
"යො දුක්ඛස්ස” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී එක්තරා බමුණෙක් නිමිති කරගෙන දේශනා කළහ.
එක්තරා දාසයෙක් - ශික්ෂා පද ප්‍රඥාප්ති පැනවීමට පෙර පළා ගොස් පැවිදි වී අර්හත්වයට පත්වුණි. බ්‍රාහ්මණයා ඔහු බලා නොදැක එක් දිනක් බුදුන් හා පිඬුසිගා පිවිසෙන දොරටුව අතර දැක සිවුර දැඩිව අල්ලා ගත්තේය. බුදුන් නතර වී ඇයි බ්‍රාහ්මණ යයි විමසුවේය. භවත් ගෞතමයෙන් මේ මගේ දාසයෙකි. බ්‍රාහ්මණය මොහු පන්නභාරය පන්නභාර කී විට බ්‍රාහ්මණයා රහත් යයි සැලකුවේය. එනිසා දෙවනුවද පින්වත් ගෞතමයනියි පැවසූවිට බුදුරජාණන් වහන්සේ එසේය බ්‍රාහ්මණය බහා තැබූ බර ඇති යනුවෙන් පවසා මෙම ගාථාව දේශනා කළහ.
දුක දුකෙහි වෙනසත්
මේ අත්හිම දකිත් නම්
බහා පව් කඳ බරින් මිදුනා
ඔහුම බමුණෙක් වේය පවසත්
යම් කෙනෙක් ජීවතය ක්ෂය වේයයි දැන ගනීද තම දුක නැසීම පිළිබඳ දැන ගනීද වහා තැබු බර
ඇත්තේද කෙලෙසුන්ගෙන් මිදුනා වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණයයි මම කියමි.
තත්ථ - එහි දුක්ඛස්සාති දුක්ඛස්ඛන්ධයයි පන්නභාර නම් බිම තබන ලද ස්බන්ධ භාරයයි. යෝග හතරෙන් හා සියළු කෙලෙස්වලින් විසං යුත්ත වෙන් වූ , විෂයන්ත වූ ඔහු බ්‍රාහ්මණයයි කියමි.
දේශනාවසානයේ බ්‍රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයටද දෙසුම සාර්ථක විය.