ගම්භීරපඤ්ඤං මෙධාවිං මග්ගාමග්ගස්ස කොවිදං
උත්තමත්‍ථං අනුප්පත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
ගැඹුරු ප්‍රඥාවෙන් යුක්ත වූ විදර්‍ශනාඥානයෙන් මේධාවී වූ (මේ දුගති මග යැ මේ සුගති මග යැ මේ නිවන් මග යැ යී මෙසේ) මාර්‍ගාමාර්‍ගයන්හි දක්‍ෂ වූ (අර්‍හත්ත්‍වසඞ්ඛ්‍යාත) උත්තමාර්‍ත්‍ථයට සම්ප්‍රාප්ත වූ ඒ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
"ගම්භීර පඤ්ඤාං" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩසිටිය දී ඛේමා භික්ෂුණිය නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් පළමු යාමය අවසානයේ සක්දෙවිඳු දෙව් පිරිස සමග පැමිණ බුදුන් සමීපයේ සිහිකටයුතු ධර්ම කථා අසමින් වාඩි විය. මේ අවස්ථාවේදී ඛේමා තෙරණිය බුදුන් දකිමියි අහසින් පැමිණ සක් දෙවිඳු දැක අහසේ සිටියදීම බුදුන් වැඳ නැවතුනාය. සක්දෙවිදු ඇය දැක ස්වාමීනි මැය කවුදැයි විමසුවේය. ඇය එමින් සිට අහසේ සිටම වැඳ පැවතුනි. බුදුහු මහරජ මගේ දියණියන් ඛේමාය. ඇය මහා ප්‍රාඥයහ. මග්ගා මග්ග ඤාණයෙහි ඉතා දක්‍ෂ යයි පවසා මෙම ගාථාව පැවසුහ.
විදසුන් නැණ සමග
කඳ පිළිබඳ නුවණ
ගැඹුරින් ඇති රහත් නම
උතුම් බමුණෙක් වේ මැයි.
ප්‍රඥාවන්ත වූ ගැඹුරු නුවණ ඇති. මග නොම දැනුමෙහි සමත් රහත්ඵලයට පත් තැනැත්තා මම බ්‍රාහ්මණ යයි පවසමි.
එහි ගම්භීර පඤ්ඤන්ති - ගැඹුරුවූ ස්ඛන්ධ ආදීන්හි ප්‍රඥාවෙන් යුතුවූ ප්‍රඥාව ඇති ධර්මෝජ ප්‍රඥාවෙන් යුත් මෙධාවිං මෙය දුගතියයි. මෙය සුගතියයි. මෙය නිර්වාණ මාර්ගයයි. මෙය නොමගයි ආදී වශයෙන් මගෙහිද නොමගෙහිද දක්ෂ වූ බැවින්, මග්ගා මස්ස කොවිදං. අරහත්භාවයට උත්තමත්ථං අනුපප්තතං තමහං බ්‍රාහ්මණං පැමිණි ඔහු බ්‍රාහ්මණ යයි මම කියමි.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝතාපන්න ඵල ආදියට පත්වුවාය.