අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සුතං
දන්තං අන්තිමසාරීරං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
නොකිපෙන (ධුතාඞ්ග) ව්‍රතයෙන් යුක්ත වූ ශීලයෙන් පරිපූර්‍ණ වූ (තෘෂ්ණා ස්නේහයෙන්) තෙත් නොවූ දැමුනාවූ (භව කෙළවර සිටි හෙයින්) අන්තිම ආත්මභාවයෙන් යුත් ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණයෙකි යී මම කියමි.
" අක්කොධ නං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළු වනාරාමයේ වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එදින සැරියුත් තෙරුණුවෝ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග පිඩු පිණිස හැසිරෙමින් නාලක ගමේ මවගේ ගේ දොරට වැඩම කළහ. අනතුරුව ඇය වාඩිකරවා දානය බෙදමින් ආක්‍රෝෂ කළාය. අනුන්ගේ ඉඳුල් බත් කන්නා කැඳ බොන්නා, අනුන්ගේ ගෙවල්වලින් හුනුසහල්වලින් සෑදු කැඳ බොන්නට ඉඳුල් බත් කන්නට අසූ කෝටියක් ධනය අත්හැර පැවිදි වූයේය. ඔබ විසින් පරිභෝග කළ යුතු දෑ නසන ලදී භික්ෂූන්ට ද බත්දෙමින් තොප විසින් මගේ පුතා තමන්ගේ සුළු උපාසක කරන ලදී දැන් අනුභව කරන්නැයි කියයි. තෙරුන් වහන්සේ භික්ෂාව ලබාගෙන විහාරයටම වැඩම කළහ. ඉක්බිති ආයුෂ්මත් රාහුල තෙරණුවෝ බුදුන් පිණ්ඩපාතයෙන් විමසුහ. අනතුරුව බුදුහු මෙසේ පැවසුහ. රාහුල කොහි ගියේද? ආර්යයන් වහන්සේගේ නිවසට ගියෙමි. ඔබේ ආර්යයන් කවුද? උපාධ්‍යයන් වහන්සේ ගැන කීවෙමි. ආර්ය උපාධ්‍යායන් වහන්සේ කිපුනේ නැත. කුමක් කියාද? මේ දෙය කියන ලදී උපාධ්‍යයන් සමග ඔබ කුමක් කීවේද, කිසිවක් නැත. ස්වාමීනි. මෙය අසා භික්ෂූන් ධර්ම සභාවේ කථාවක් ඇති කළහ. ඇවැත්නි සැරියුත් තෙරුන්ගේ ගුණ මෙලෙස උන්වහන්සේගේ මෑණියන් ආක්‍රෝශ කරන විට ක්‍රෝධ මාත්‍රයක් හෝ නොවීය. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි ! රහතන් වහන්සේලා නම් ක්‍රෝධයෙන් තොර යයි පවසා මෙම ගාථාව පැවසුහ.
දුතඟදර සිල්වත්
නොකිපෙන කෙනා ගුණවත්
දරණ අන්තිම අත්
ඔහුම බමුණෙකුවේය දැනුවත්
නොකිපෙන සුළු වූ ධෘතාඞග වෘත ඇති සිල්වත් වූ. තෘෂ්ණ ස්නේහයෙන් තෙත් නොවු දැමුන තැනැත්තා ශරිර ඇති තැනැත්තා මම බ්‍රාහ්මණයයි කියමි.
එහි වතවත්තං ධුතඞ්ග ගුණවලින් සමන්විත වූ, සිව්පිරිසිදු ශීලෙන් යුතු සීලවන්තං - තණ්හා ස්නේහයෙන් තෙත් නොවූ, අනුස්සුතං සය ඉඳුරන් දමනය කළ දන්නං සසර කෙළවර අන්තිම ආත්මභාවයේ සිටි, අනතිමතං සාරීරං තං අහං බ්‍රාහ්මණං ඔහු බ්‍රාහ්මණයා යයි මම කියමි.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලවලට පැමිණියාහුය.