අක්කොසං වධබන්‍ධං ච අදුට්ඨො යො තිතික්ඛති
ඛන්තිබලං බලානීකං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් පුද්ගලයෙක් තෙම ආක්‍රොශය ද (පාණිප්‍රහාරාදි) වධය ද (අන්‍දුබන්‍ධනාදී) බන්‍ධනය ද යන හැම අපරාධ නොකිපි සිතැත්තෙක් ව ඉවසා ද, ක්‍ෂාන්තිබලය බල කොට ඇති ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ නමැයි මම කියමි.
"අක්කොසං" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිය දී අක්කෝස භාරද්වාජ නිමිති කරගෙන දේශනා කළහ.
ඔහුගේ සොහොයුරා භාරද්වාජ බමුණාට ධනඤ්ජානි නම් වූ බැමිණියක් වුවාය. ඕ තොමෝ සෝවාන් වූ තැනැත්තියකි. ඕ කිවිසුම් යන විටද - කසින විටද පැකිළෙන (හැපෙන) විටද "නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" යන මේ උදානය පවසයි. ඇය එක් දිනක් බමුණා ආහාර ගන්නා විටකදී පැකිළී (හැපී) මහ හඩින් එලෙසම උදානය පැවසුවාය. බමුණා කිපී වසලිය තී එතැන මෙතැන හැපී ඒ මුඩු මහණගේ ගුණ කියයි. කියා වසලිය දැන් මම එහි ගොස් තිගේ ඒ ශාස්තෘවරයාට වාදය ආරෝපණය කරන්නෙමියි වාද ආරෝපණය කර ඔහු පරදවමියි කීය එසේ නම් යන්න බමුණ ! මම ද ගොස් බලාසිටිමි. යම් කෙනෙක් බුදුන්ට වාදනගාද දිනු කෙනෙක් නැත තාද එහි ගොස් වාදනගවා ඔහු බුදුන් වෙත ගොස් නොවැඳ එකත්පස සිටියේ ප්‍රශ්න අසමින් මෙම ගාථාව පැවසීය.
කුමක් නිසා සුවසේ සිටීද කුමක් නිසා ශෝක නොකෙරේද කවර එක ධර්මයක්හු නැසීම යහපත්ද?
ක්‍රෝධය නසා සුවසේ සිටී. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. විෂක් බඳු වූ විපතට මුල් වූ ක්‍රෝධය නැසීමම ආර්යයෝ පසසති එයද දමා ශෝක නොකරති.
ඔහු බුදුන් කෙරෙහි පැහැදී පැවිදි වී රහත් බවට පත්වුණි. අනතුරුව ඔහුගේ බාල සොහොයුරා ද භාරද්වාජ ද සහෝදරයා පැවිදිවී යයි අසා කිපී අවුත් බුදුන්ට අසභ්‍ය වූ ඵරුස වචනවලින් නින්දා කළේය. ඔහුද බුදුන්ගේ ආගන්තුකයින් විසින් ගෙනා දෙයක් බාර නොගන්නා උපමාව දක්වා සැසඳු විට බුදුන් කෙරෙහි පැහැදී පැවිදි වී රහත් බවට පත්වුණි. අනෙක් සුන්දරික භාරද්වාජද විලිඞ්ගක භාරද්වාජද යන කණිටු සහෝදරයන් දෙදෙනා බුදුන්ට ආක්‍රෝෂ කරන්නට අවුත් බුදුන් විසින් හික්මවා පැවිදි කරවා රහත්බවට පත්වුණි.
එක් දවසක් දම්සභාවේ කථාවක් ඉපදවුහ. ඇවැත්නි බුදු ගුණ ආශ්චර්ය වේ. සහෝදරයන් සිව් දෙන ආක්‍රෝෂ කරද්දීම බුදුහු කිසිවක් නොකියා ඔවුන් පැවිද්දෙහිම පිහිටුවීය. තථාගතයන් වහන්සේ පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේ දැයි විමසා මෙය පැහැදිලි කළ විට මහණෙනි මම ක්ෂාන්ති බලයෙන් යුතු වූ නිසා දුෂ්ටයින්ට දුෂ්ට නොවී මහජනයාට පිහිට වීමි පවසා මේ ගාථාව වදාළහ.
තරහ සිත නැති කොට
කොරෝදය දා ඉවතට
ඉවසීම බල කොට
සිටින්නා බමුණාය හැමවිට
යම් පුද්ගලයෙක් දශ ආක්‍රෝශ ද වධබන්ධන ද දුෂ්ට නොවුයේ ඉවසාද, ක්‍ෂාන්තිය බලය කොට ඇත්ද නැවත නැවත උපදනා එම ක්ෂාන්තියම බලය කොට ඇති අන්තිම සිරුර දරණ තැනැත්තා බ්‍රාහ්මණ යයි මම කියමි.
තත්ථ අදුට්ඨොති මේ දශ ආක්‍රෝෂ වස්තූන්ගෙන් අක්‍රෝෂ කරද්දීද අත් ආදියෙන් තලන කල්හිද, අනුබන්ධන ආදී බැදුම් ආදියේදී යම් කෙනෙක් ක්‍රෝධ නොවන සිත් ඇතිව ඉවසාද ක්ෂාන්ති බලයෙන් යුතුවු බනනී බලං නැවත නැවත ඇතිවන්නා වූ ක්‍ෂාන්ති බලය නම් වූ බලාණිකං බල ඇණියෙන් යුත් ඔහු බ්‍රාහ්මණයයි කියමි
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.