ඡෙත්‍වා නද්ධිං වරත්තඤ්ච සන්‍දාමං සහනුක්කමං
උක්ඛිත්තපලිඝං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
(ක්‍රෝධ සංඛ්‍යාත) නද්ධිය හෙවත් දළ වර ද, තෘෂ්ණා නැමැති වරපට ද, අනුශයානුක්‍රම සහිත වූ (ද්වාෂෂ්ටිදෘෂ්ටි නැමැති) මහ දම ද, (ඒ ඒ මාර්‍ගයෙන්) සිඳලා, උදුරා දැමූ (අවිද්‍යා නැමැති) අගුල ඇති සිවුසස් අවබෝධ කළ ඒ ක්‍ෂීණාස්‍රවයා බ්‍රාහ්මණ නමැ යී මම කියමි.
"ජෙත්වා නන්ධිං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී බ්‍රාහ්මණයින් දෙදෙනෙක් නිමිති කරගෙන දේශනා කරන ලදී.
ඔවුන් අතර එක් අයෙක් චුල්ලරෝහිත නමින් හැඳින්වේ. අනෙකා මහාරෝහිත නම් ඔවුන් එක් දිනක් මගේ ගොනා බලවත්ය ඔබේ ගොනා දුබලයයි විවාද කර අපේ විවාදයෙන් වැඩක් නැත කරත්තය පදවා දැනගන්නෙමුයි අචිරවතී ගංතෙර කරත්ත වැලිවලින් පුරවා ගොණුන් යෙදුහ. මේ අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලාද එහි ස්නානය සඳහා ගොස් සිටියහ. බ්‍රාහ්මණයෝ කරත්ත දෙකේ ගොනුන් බැන්දහ. කරත්තය නිසලවිය. තෝන් ලණුව කැඩුනි. භික්ෂූන් මෙය දැක විහාරයට ගොස් මේ කරුණ දැනුම් දුන්හ. බුදුහු මහණෙනි බාහිර වූ වරපට යම් කෙනෙක් සිඳීද භික්ෂුවක් විසින් ආධ්‍යාත්මික ක්‍රෝධය නැමති යොත සිඳ, තෘෂ්ණා නමැති වරපට සිදීම වටීයයි කියා මේ ගාථාව දේශනා කළහ.
කොරෝදය දුරැලා
තණ්හාව ඇතිවළලා
මිසදිටුව සිඳලා
ඇත්ද ඔහු බමුණාය කියලා
යම්කෙනෙක් සියළු දස සංයෝජන දුරුකොට සිටි හෙයින් ඒකාන්තයෙන් නැති නොගත්තේද ක්‍රෝධය නැමති දැඩි රැහැන ද තෘෂ්ණා නැමති වරපටද සප්තානුශයන් සහිතවු දෙ සැප මිත්‍යාදෘෂ්ටිය නැමති යදමද සිඳ දමා උදුරා දැමු අවිද්‍යා නැමති හිඳි පළිඝ ඇති සව්සස් දන්නා වූ තැනැත්තා බ්‍රාහ්මණ නමින් මම හඳුන්වමි. එහි නන්ධිං යනු පමුණුවන නිසා පවතින ක්‍රෝධයයි වරන්තන්ති බැදීම් වශයෙන් පවතින තෘෂ්ණාවයි. සන්දාහමං සහනුක්ක මං යනු අනුශය අනුක්‍රම සහිත දෙසැටක් මිථ්‍යාදෘෂ්ටි නම් මේ සියල්ල සිඳදමා, අවිජ්ජා පලිඝය උක්ඛිත්ත පලිඝං බ්‍රාහ්මණං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් හෙයින් "බුද්ධං බ්‍රාහ්මණං" බ්‍රාහ්මණ යයි කියමි යන අර්ථයි.
මේ දෙසුම අවසන පන්සියයක් භික්ෂුහු රහත් බැවින් පිහිටියහ. පැමිණි අයටද දෙසුම සාර්ථක විය.