සබ්බසංයොජනං ඡෙත්‍වා යො වෙ න පරිතස්සති
සඞ්ගාතිගං විසඤ්ඤුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
සියලු සංයෝජන සිඳැ සිටි හෙයින් යම් රහත් පුඟුලෙක් ඒකාන්තයෙන් (ජීවිතාශා නැති හෙයින්) නො තැති ගණී ද, රාගසඞ්ගාදි සත් සඞ්ගයන් ඉක්මුණු, කෙලෙසුන්ගෙන් වියුක්ත ඒ රහත් පුද්ගලයා බ්‍රාහ්මණ යැ යි මම් කියමි.
"සබ්බ සංයොජනං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටියදී උග්ගසේන නම් සිටුවරයා නිමිති කරගෙන දේශනා කළ සේක. මෙහි කථාවස්තුව "මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො ” යන ගාථාව විස්තර කිරීමේ දී දක්වන ලදී. එකල භික්ෂූන් පිරිසක් ශාස්තෲන් වෙත පැමිණ, උග්ගසේන බිය නොවෙමි ආදී අභූත දේ හා අනන් මනන් කියන්නේ යයි දක්වා සිටි කල්හි මා පුත් උග්ගසේන සිඳහල සංයෝජන ඇති, පුද්ගලයකු නිසා බිය නොවේ. යයි වදාරා මේ ගාථාව වදාළහ.
බිඳ දා සසර බැමි
ඉක්ම වූ කෙලෙසුන් ඉමි
සංයෝජනද දැමී
ඔහුම බමුණා කියා පවසමි.
යමෙක් සියළු දස සංයෝජන සිඳදමා තැති නොගෙන සිටින්නේද රාගාදි සංයෝගයන් ඉක්ම වූ. කෙළෙසුන්ගෙන් වෙන් වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි කියමි.
තත්ථ එහි සබ්බ සංයොජනං - දසවිධ සංයෝජන න පරි තස්සති - තෘෂ්ණාව නිසා බිය නොවේ. තමහං - ඒ මම රාගාදී සංගයන් ඉක්ම වූ සඞ්ගා තිගං - සතර ඕඝ දුරුකළ වූ, තැනැත්තා බ්‍රාහ්මණයයි කියමි.
දේශනය අවසානයේ බොහෝ දෙන මාර්ගඵල ලැබූහ.