න චාහං බ්‍රාහ්මණං බ්‍රූමි යොනිජං මත්තිසම්භවං
භොවාදී නාම සො හොති සචෙ හොති සකිඤ්චනො
අකිඤ්චනං අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
මවගේ යෝනි මගින් උපන්, බැමිණියක කුස උපන්නාහට එ පමණෙකින් බ්‍රාහ්මණ යැ යි මම් නො කියමි. ඉදින් යමෙක් ක්ලේශපරිබෝධ ඇත්තේ වී නම්, හේ (දුටු දුටුවන්ට ‘භො භො’යී කියා ඇවිදුනා හෙයින්) භොවාදී නම් වෙයි (බ්‍රාහ්මණ නම් නො වෙයි). ක්ලේශපරිබෝධ නැති තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් කිසිත් නොගන්නා තැනැත්තහු බ්‍රාහ්මණ නමැ යි මම් කියමි.
"න චා හං” යන මේ ධර්ම දේශනය ගාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිය දී එක් බ්‍රාහ්මණයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු වනාහි ගෞතමයෝ තම ශ්‍රාවකයන් බ්‍රාහ්මණ යනුවෙන් හඳුන්වති. මම ද බ්‍රාහ්මණ යෝනියේ උපන් කෙනෙකි. මට ද එලෙස ඇමතීම සුදුසුය. මෙසේ කියා බුදුන් වෙත එළඹ මේ පිළිබඳව විමසුහ. අනතුරුව බුදුරදුන් බමුණු කුලයේ උපන් පමණින් මම බ්‍රාහ්මණ යයි නොකියමි. යම් කෙනෙක් රා - දොස් පළිබෝධ නැති. දූ දරු කෙත්වත් ආදී ග්‍රහණයක් නැති කෙලෙස් නැති තැනැත්තා බ්‍රාහ්මණ නමින් හඳුන්වෙමියි වදාර මේ ගාථාව දේශනා කළහ.
බමුණු කුලයක උපත ලදුවත්,
බමුණු මව්කුස උපත ලදුවත්
ඔහුට බමුණෙක් නොකිය යුතුමයි
කෙලෙස් බර හෝ වාදියෙකි හේ
කෙලෙස් බිදකුදු සිතේ නැත්නම්
මාන ලෝහාදිය නොවේනම්
ඔහුම බමුණෙකු වීය පිරිසිදු
ඔහුම රහතුන් වේය නිකෙලෙස්
මම බමුණු යෝනියෙන් උපන් බැමිණියකගේ කුසේ උපන් තැනැත්තා බමුණෙකුයයි නොකියමි. ඉදින් බමුණා රාගාදි පළිබෝධ සහිත කරදර ඇත්තේ ද හෙතෙම බ්‍රාහ්මණ නොවේ. පළිබෝධ නැති තෘෂ්ණා වශයෙන් ගැනීම නැති තැනැත්තා බ්‍රාහ්මණ නමින් හදුන්වමි.
එහි යොනිජං - ස්ත්‍රී යෝනියකින් උපන් මත්තිසම්භවං බ්‍රාහ්මණ මවකගේ කුසින් උපන් - හොවාදිනි - යමෙක් හෝ හෝ යනුවෙන් ආමන්ත්‍රණය ආදිය කියමින් හැසිරෙන්නේද හෙතෙම භෝවාදී නම්, සචෙ රාගාදී කරදරවලින් සකිඤ්චනො - මම වනාහි රාගාදියෙන්, අකිඤචනං සතර උපාදානයන් විසින් අනාදානං නොගන්නා, අයම උතුම්ය බ්‍රාහ්මණං වදාමි - බ්‍රාහ්මණ යයි කියමි.
දේශනාවසානයේ එම බ්‍රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයට ද දෙසුම සාර්ථක විය.