පංසුකූලධරං ජන්තුං කිසං ධමනිසන්‍ථතං
එකං වනස්මිං ඣායන්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
පවුල් සිවුරු දරණ, කෘශ සිරුරු ඇති, නහර ඉල්පුනු කය ඇති, ගැඹුරු වෙනෙහි හුදෙකලා වැ භාවනා කරන ඒ පුඟුලහු බ්‍රාහ්මණ යැ යි මම් කියමි.
"පංසුකූල ධරං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩ සිටිය දී කිසා ගෝතමිය නිමිති කරගෙන දේශනා කළහ.
එදින සක්දෙවිඳු ප්‍රථම යාමය අවසානයේදී දෙවි පිරිස සමග බුදුන්වෙත එළඹ වැඳ එකත් පසෙක සිහි කටයුතු ධර්ම කථාවක් අසමින් සිටියේය. ඒ අවස්ථාවේ දී කිසා ගෝතමිය බුදුන් දකින්නෙමියි අහසින් අවුත් සක්දෙවිදු දැක නැවතුනි. ඔහු ඇය වැඳ නැවතෙනු දැක බුදුන්ගෙන් විමසුවේය. ස්වාමීනි මෙහි එමින් ඔබවහන්සේ දැක නැවතුන ඇය කවුද? මහ රජ ඇය කියා ගෝතමී නම් ඇත්තීය. මගේ දියණිය පංසුකූලික තෙරණිවරුන් අතර අග්‍රයයි මෙම ගාථාව පැවසුහ.
ඉවත හෙළ රෙදි කැබලිවලින් සිවුරක් මසා
පොරවමින් දැඩි තපස් රකින නොකරම මුසා
දැහැන් වඩමින් වසන වෙනෙහි රුක්මුල් නිසා
උතුම් මැ නියම බමුණක්ය හරිමග නිසා
පාංශුකුලිකාංගය ධරණ සිහින් වූ නහරවැලි ඉල්ලුණු සිරුර ඇති, එක් වනයක ධ්‍යාන වඩන ඕ තොමෝ බ්‍රාහ්මණයකැයි මම කියමි.
තත්ථ කිසනති - පාංශුකූලික සිවුරු පෙරවමින් තමන්ට අනුරූප පටිපදා පුරන නහරවැල් ඉල්ලුණු අඩමස් ලේ ඇති නිසා එහෙයින් කියන ලදී.
එකං වනස්මිං යනු විවේකීව එක් වන සෙනසුනක ධ්‍යාන වඩන්නී ය. තමහං බ්‍රාහ්මණ - එනිසා මම බ්‍රාහ්මණයකු යයි කියමි යන අර්ථය දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය.