26-11 එකොළොස් වැනි වූ කුහක බ්‍රාහ්මණයා පිළිබඳ කථා පුවත

කිං තෙ ජටාහි දුම්මෙධ කිං තෙ අජිනසාටියා

අබ්භන්තරං තෙ ගහණං බාහිරං පරිමජ්ජසි.

අනුවණය, තගේ ජටායෙන් කවර වැඩෙක් ද? තගේ තෙල අඳුන් දිවිසමින් කවර වැඩෙක් ද? තගේ ඇතුළත කෙලෙසුන්ගෙන් ගහණ ය. එතෙකුදු වුවත් (ඇතුළත නො ව) පිටත ම සිලුටු කරන්නෙහි ය.

"කින්තෙ" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ සිටිය දී එක් වවුල් වත පිරූ කුහක බමුණෙකු නිමිති කරගෙන දේශනා කළහ.

මේ බමුණා විශාලාවේ නගර දොරටුවේ එක් කුඹුක් ගසකට නැග දෙපාවලින් අතුවල එල්ලී ගස යටට එබෙන ශරිර ඇතිවැ හිස පහළට තබා ගෙන එල්ලෙමින් කිඹුල්වත් පුර ගම් සියයක් දෙන්න. කහවණු දෙන්න. පිරිවර දෙන්න නොදෙන්නේනම් මෙයින් වැටී මැරි නුවර පාළු කරමි. කියයි.

බුදුරදුන් ද භික්ෂු සංඝයා පිරිවරා නුවරට ඇතුළුවන විට භික්ෂූන් එම බමුණා දැක නික්මී යන විටද එසේම එල්ලී සිටිනු දක්නට ලැබුනි. නාගරිකයෝද මොහු අද අළුයම සිට මෙසේ එල්ලී සිටිමින් මේවා නොදෙන්නේ නම් වැටී මැරෙමි කියයි. නුවර විනාශ කරමියි කියයි. එසේ මළ හොත් නගරය විනාශ වේ යයි නගරය බියෙන් ඔහු ඉල්ලන සියළු දේ දෙමුයි සාකච්ඡා කොට දුන්හ. ඔහු ගසෙන් බැස ඒ සියල්ල ගෙන පිටත්ව ගියේය. භික්ෂූන් වහන්සේලා විහාරය අසල ඔහු දෙනක් ලෙසට හැසිරී යනු දැක හඳුනා ගෙන බ්‍රාහ්මණය ඔබ කැමති දේ ලැබුනේදැයි විමසා - එසේය ලැබුනේ යයි පැවසුවේය. මෙය අසා විහාරය තුළට ගොස් භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. මහණෙනි මොහු දැන් පමණක් නොව පෙරද කුහකයෙකි. සොරෙකියි පවසා දැන් අනුවන ජනයන් රවටයි. එදා නුවනැත්තන් වංචා කිරීමට නො හැකි වීයයි පවසා භික්ෂූන් විසින් විමසන ලදුව අතීත කථාව ගෙන හැර දැක්වුහ.

අතීතයේ දී කාසී රට එක් ගමක් ඇසුරුකොට එක් කුහක තාපසයෙක් විසුවේය. ඔහු එක් කුල ගෙයකට යයි. එයින් ඔහු පෝෂණය කරයි. දිවා කාලයේ දී පිළියෙළ කරන කෑ යුතු පිය යුතු ද තමන්ගේ පුතුන්ට මෙන්ම ඔහුට ද කොටසක් වෙන්කර දෙයි. හැන්දෑවේ පිළියෙල කරන කොටස් තබා පසුදින දෙයි. මේ අතර දිනක් සවස ආහාරයට තලගොයි මස් ලැබ වහාම උයා තබා දෙවැනි දවසේදි ඔහුට දුන්නේය. ඔහු මස් සුවඳ නිසා රස තෘෂ්ණාවෙන් බැදී මේ මස් මොනවාදැයි විමසා (ගෝධ) තලගොයි මස් යයි අසා භික්ෂාවේ හැසිරි දුරු මිරිස් ආදී කටුක භාණ්ඩ පිඩුසිඟා ගෙන පන්සලට ගොස් ආරක්ෂිතව තැබීය. පන්සලට නො දුරේ එක් තුඹසක දැවැන්ත තලගොයෙක් වාසය කරයි. ඔහු කලින් කල තාපසයා වැඳීමට එයි. මේ දිනයේ ඌ මරන්නෙමියි දණ්ඩක් ගෙන එම තුඹසට නුදුරේ නිදාගත්තෙක් ලෙසට වැතිරී සිටියේය. තලගොයා තුඹසින් නික්ම ඔහු ළඟට එන්නේ ඔහුගේ ස්වරූපය සලකා මට මේ ආචාර්යවරයාගේ ස්වරූපය රුචි නොවේ යයි එහිම නැවතුණි තවුසා ඌ නැවතුන බව දැන ඌ මැරිම සඳහා දණ්ඩෙන් දමා ගැසීය. එම දණ්ඩ ලිස්සා ගියේය තලගොයි රජු ද තුඹසට පිවිස හිස උඩට තබා ඔහු එන මඟ බලමින් සිටි තාපසයාට මෙසේ කීවේය.

සිත ඇතුළ කෙලෙසුන්

පිරී ඇත්නම් දහසින්

අඳුන් දිවි සම් හැද

ජටා බැන්දත් හිස් මත

පිට පොත්ත දිලුනත්

ඇතුළත හරය නැත්තේ.

1. ඔබ යෙහෙකැයි සිතා ඔබ සංයත අයෙකැයි සිතා මම ඔබ වෙත ආවෙමි. ඒ ඔබ අසංයත කෙනෙක් ලෙස අයෙක් ලෙසට මට පහර දුන්නේය.

2. අඥානය ඔබේ ජටාවෙන් කවර ප්‍රයෝජනයක්ද අඳුන් දිවි සමින් කවර ප්‍රයෝජනයක්ද ඔබේ අභ්‍යන්තරය කෙලෙස්වලින් ගහනය පිටතින් සංවරකම පමණක් පවතී. අනතුරුව තාපසයා නැවතත් තමන් වෙත පහදවා ගැනීමට පොළඹවා ගැනීමට මෙසේ කීවේය.

තලගොයානණි ! එන්න ඇල්හාල් මෝදක අනුභව කරන්න. තෙල් ලුණු - බොහෝ ඇත තිප්පිලිඳ ඇත.

එය අසා ගෝධ රජු ඔහුට මෙසේ කීය. ඔබ යම් ලෙසට කියයිද? එසේ වුවත් මට මෙහි බියක්ම පෙනේ. එහෙයින්ම මට පළායාමට සිත් යයි කියා මෙම ගාථාව පැවසුවේය. එය අසා ගෝෂ්ඨ රජු මෙසේ කීය. මට දැන් මෙතැනින් පළා යාමට සිතේ මෙසේද කියා මේ ගාථාව කීය.

ඔබ කෙසේ පැවසුවත් මට බියක්ම දැනේ. ඔබගේ හාල් තෙල් ලුණු ආදියෙන් මට ප්‍රයෝජන නැත. තිප්පිලි මට අගුණය.

මෙසේ කියා මෙතුවක් කල් ඔබ කෙරෙහි මා තුළ ඔබ යෙහෙකැයි යන හැගීම විය. දැන් ඔබ මට පහර දෙනු කැමැත්තෙන් දණ්ඩෙන් දමා ගැසීය. එය දමා ගැසු තැන් සිට ඔබ අශ්‍රමණ අයෙක් වූයේය. ඔබ සමාණ දුෂ්ප්‍රාඥ පුද්ගලයකුගේ ජටාවෙන් කවර අර්ථයක් ද? අඳුන් දිවි සමෙන් කවර ගුණයක්ද, අභ්‍යන්තරයෙහි ඔබේ පවත්නා දුර්ගුණ හුදෙක් බාහිර ක්‍රියාකාරකම්වලින් හෙළිදරව් වේ යයි කීවේ.

ශාස්තෲන් වහන්සේ මේ අතීත කථාව ගෙන හැර දක්වා - එකල්හි ඒ කුහක තාපසයා අද මේ කුහක බමුණා විය. ගෝධ රජු නම් මම ම වෙමි යි වදාරා ජාතකය පුරවාපර සන්ධි ගළපා ගෝධ පණ්ඩිතයා විසින් ඔහුට නිග්‍රහ කිරීම දක්වන්නේ කරුණු දක්වමින්

කුමටද ඔබෙ අඳුන් දිවිසම සහිත ජටා

ඇතුළත කෙලෙස් මල, සිවුරය සිරුර - වටා

බාහිර ඔපය තිබුනත් ගෙන විවිද රටා

හිස් නම් ඇතුළ ඔහු බමුණෙකු නොවෙයි

එහි කිංතෙජටාහි එම්බා දුම්මෙධ අඥානය. ඔබගේ හිස බැඳි මේ ජටාහි ජටාවෙන්, ද මේ අඳුන් දිවිසමින් ද, කිං කවර අර්ථයක්ද අබහන්තරං ඇතුළත, තෙ රාගාදී කෙලෙස්වලින් ගහණ වූ, හුදෙක් ඇත්ලාඩමක්. අස්ලාඩමක් මෙන්, මට්ටම් වී තිබේ. බාහිරං පරිමජ්‍ජසී පිට ඔපය රඳා පවතී.

දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත්වුහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.