යම්හා ධම්මං විජානෙය්‍ය සම්මාසම්බුද්ධදෙසිතං
සක්කච්චං තං නමස්සෙය්‍ය අග්ගිහුත්තං’ව බ්‍රාහ්මණො.
යමක්හු කෙරෙන් සම්‍යක්සම්බුද්ධයන් විසින් දෙසන ලද්දා වූ පර්‍ය්‍යාප්ති ධර්‍මය යමෙක් දන්නේ වී නම්, ඒ ආචාර්‍ය්‍යයා අග්නිහෝත්‍රයට පූජා කරණ බමුණකු මෙන් සකසා නමඳින්නේ ය.
“යමහා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සැරියුත් තෙරුන් වනාහි අස්සජි තෙරුන් ළඟ ධර්මය අසා සෝවාන් ඵලයට පත්වූ කාලයේ සිට යම් දිසාවක තෙරුන් වාසය කරයිද එම දිසාවට ඇඳිලි බැඳ ඒ සිටින දිසාවට වැඳ නිදා ගනිති. භික්ෂූන් සැරියුත් තෙරුන් මිථ්‍යාදෘෂ්ටිකය. අදත් දිසා නමස්කාර කරමින් සිටිති. මේ කරුණ බුදුන්ට දක්වා සිටියහ. බුදුරදුන් සැරියුත් තෙරුන් කැඳවා සාරිපුත්ත ඔබ දිසා නමදිමින් සිටින්නේ යයි යන කරුණ සැබෑදැයි විමසුහ. සැරියුත් තෙරණුවෝ ස්වාමීනි මම දිසා නමස්කාර කිරීම හෝ නොකිරිම ඔබ වහන්සේම දන්නේය. මෙය පැවසූ විට බුදුරදුන් මහණෙනි සාරිපුත්ත දිසා නමස්කාරය කරයි. අස්සජි තෙරුන්ගේ බණ අසා සෝවාන් වීම සිදුවූ තැන් සිට එම ආචාර්වරයාට නමස්කාර කරයි. යමෙක් ආචාර්යන් නිසා ධර්මය උගනේද එනිසා බ්‍රාහ්මණයෙක් ගිණි පුජා කරන ලෙසට ආචාර්යවරයා සකසා වැදිය යුතුය. පවසා මේ ගාථාව දේශනා කළහ.
බුදුන් දෙසු දම් පද
යමෙක් මැනවින් දන්නෙද
නැමදිය යුතුය ඔහු
හෝම අන්නිය පුදන්නකු සේ.
යම් කෙනෙකුගෙන් බුද්ධ දේශිත ධර්මය දැනගත්තේද? ගිහි පුදන බ්‍රාහ්මණයෙක් ලෙසට ඒ ආචාර්යවරයාට සකසා වදින්න.
තත්ථ අග්ගිහුත්තං වාති - යනු යම් සේ බ්‍රාහ්මණයෙක් ගිනි පූජාව මැනවින් පිරිවරා කරයි ද බිලි කර්ම කරයි ද එලෙස යම යම් ආචාර්යවරයකුගෙන් සම්බුද්ධ දේශිත ධර්මය දැන ගත්තේද ඒ ධර්මය උගැන් වූ ගුරුවරයාට නමස්කාර කරන්න. යන අර්ථය දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලාදියෙහි පිහිටියාහුය.