26-8 මහා ප්‍රජාපතී ගෞතමිය පිළිබඳ වූ කථා පුවත

යස්ස කායෙන වාචාය මනසා නත්‍ථි දුක්කතං

සංවුතං තීහි ඨානෙහි තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් පුගුලකුගේ කයින් ද වචසින් ද මනසින් ද සිදු වන අකුශල කර්‍මයෙක් නැද්ද, මේ තුන් තැනින් (මේ තුන් දොරින් වදනා අකුසලුන්ගේ වැළැක්ම පිණිස) වැසුනු දොර ඇති ඒ ක්‍ෂීණාස්‍රවයා බමුණකු කොට මම් කියමි.

"යස්ස කායෙ නාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී මහා ප්‍රජාපතී ගෞතමිය නිමිති කරගෙන දේශනා කළහ.

බුදුවරුන් විසින් නම් හේතුවක් නොමැතිව පනවන ලද වස්තුවක් නැත. මෙසේ තිබීය දී පනවන ලද අට්ඨ ගරු ධර්ම නොයෙක් විධියෙන් අලංකාර වූ මිනිසෙක් දිව්‍ය මල්දමක් සිරසිත් දරාගන්නා ලෙසට පිළිගෙන පිරිවර සහිත මහාප්‍රජාපතී ගෞතමිය උපසම්පදාව ලැබුවාය. අනෙක් උපාධ්‍යාය කෙනෙක් හෝ ආචාර්ය කෙනෙක් ඇයට නැත. මෙසේ ලබන ලද උපසම්පදාව ඇති තෙරණියන් පිළිබඳව පසු කාලයේ දී කථාවක් ඇති කළහ. මහාප්‍රජාපතී ගෞතමියට ආචාර්ය උපාධ්‍යාය කෙනෙක් නැත. සියතින් කසාවත් හැඳ ගත්තාය. මෙසේ ද කියා භික්ෂුණීන් කුකුස් ඇති කරගෙන ඇය සමග උපෝසථ නොකළහ. පවාරණය නොකළහ. ඒ භික්‍ෂූන් ගොස් තථාගතයන් වහන්සේටද මේ කරුණ ප්‍රකාශ කළහ. බුදුහු ඔවුන්ගේ කථාව අසා මවිසින් විසින් මහාප්‍රජාපතී ගෞතමියට අෂ්ට ගරු ධර්ම දෙන ලදී ඇගේ ගුරුවරයාත් උපාධ්‍යාවරයාත් මමයි කාය දුශ්චරිත ආදියෙන් වෙන්වූ රහතුන්ට සැක නොකළ යුතුය.

කය වදන මනසින්

දුරාචාරය නැති අය

සකස් වුනු තුන් දොර

අයම බමුණෝ වෙතී නි තැනින්

යමෙකු ගේ කයින් වචනයෙන් මනසින් දුෂ්කෘතයක් අකුසලයක් තැත්ද සිත කය වචනය යන තිදොරින් සංවර වේද ඔහු බ්‍රාහ්මණ යනුවෙන් හැදින්වේ.

තත්ථ දුක්කතන්ති එහි වරද සහිත දුක් ඇතිකරන අපායගාමීකම තීහිඨානෙහි කාය ආදී තිදොරින් කරන කාය දුශ්චරිතාදිය වැළැක්වීම පිණිස තිදොර වසන ලද, තැනැත්තා තංබ්‍රොභමණං ඔහු බ්‍රාහ්මණයෙකැයි කියමි. යන අර්ථයි

දේශනය අවසානයේ දී බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණුනහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.