න බ්‍රාහ්මණස්ස පහරෙය්‍ය නාස්ස මුඤ්චෙථ බ්‍රාහ්මණො
ධී බ්‍රාහ්මණස්ස හන්තාරං තතො ධී යස්ස මුඤ්චති.
බමුණු තෙමේ (රහත් තෙමේ) බමුණකුට (රහත්බමුණකුට හෝ ජාති බමුණකුට) පහර නො දෙන්නේ ය. බමුණු තෙම (රහත් තෙම) තමාට පහර දුන් පුද්ගලයාට කෝප නො කරන්නේ ය. බමුණහුට පහර දෙන්නහුට නින්‍දා වේ වා. යමෙක් තමාට පහර දුන්නහුට කෝප කෙරේ නම් ඒ පහර දුන්නහුට වඩා ඔහුට නින්‍දා වේ වා.
න බ්‍රාහ්මණස්සෙතදකිඤ්චි සෙය්‍යො
යදා නිසෙධො මනසො පියෙහි
යතො යතො හිංසමනො නිවත්තති
තතො තතො සම්මති මෙව දුක්ඛං.
(පහර දුන්නහුට පෙරළා පහර නොදීමය, පරොස් බසින් බිණුවහුට පෙරළා නොබිණීමය යන) මෙය රහත් බමුණුහට ස්වල්පමාත්‍ර වූ ද ශ්‍රෙයසෙක් නො වේ. යම් කලෙක්හි ක්‍රෝධී පුද්ගලයාගේ මනසට ප්‍රිය වූ ක්‍රෝධචිත්තෝත්පාදය කෙරෙන් යම් වැළැක්මෙක් වේ ද, මේ ක්‍රෝධනිග්‍රහය ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාහට ස්වල්පමාත්‍ර වූ ශ්‍රෙයසෙක් නො වේ (මහත් වූ ශ්‍රෙයසෙකි). යම් යම් කරුණෙකින් ක්‍රෝධ සිත නවතී ද, ඒ ඒ කරුණින් සසර දුක සන්හිඳේ ම ය.
"න බ්‍රාහ්මණස්ස” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් තැනක මිනිස්සු බොහෝ දෙනෙක් අහෝ අපේ ආර්යයන් වහන්සේ ඉවසීමේ බලය නිසා ඉවසීමේ ගුණයෙන් යුතු වූයේ බනින විට හෝ පහර දෙනවිට හෝ කිපීම් පමණකුත් නැත. තෙරුන්ගේ ගුණ කීවාහුය. මේ අතර එක් මිථ්‍යා දෘෂ්ටික බමුණෙක් මෙහි නොකිපෙන තැනැත්තා කවුද? යි විමසුවේය. අපේ තෙරුන් ඔහු කිපීමක් නැති ද? නැත බ්‍රාහ්මණය එසේ නම් මම කෝප කරවන්නෙමියි පැවසුවේය. හොඳයි එසේනම් කෝප කරවන්නැයි කීවේය. හොඳයි වේවා මම කළයුතු දේ දනිමියි තෙරුන් වහන්සේ පිඩු පිණිස පිවිසි විට පසු පසින් ගොස් පිටුපස සිට තදින් අත් පහරක් දුන්නේය. තෙරුන් වහන්සේ මේ කවරෙක්දැයි නොබලාම ගියේය. බමුණාගේ මුළු සිරුරේම දා බිඳු නැගුණි. අහෝ ගුණ සම්පන්න ආර්යයන් වහන්සේ යයි තෙරුන්ගේ පාමුල වැටී ස්වාමීනි මට සමාවන්නැයි කියා මේ කුමක්දැයි විමසුවිට මම ඔබ විමසනු සඳහා ඔබ වහන්සේට පහර දුනිමි යි පැවසුවේය. මම ඔබට සමාව දෙමි. ස්වාමීනි මට සමාව දෙන්නේ නම් මගේ නිවසේ සිට දානය වළදන්නැයි කියා තෙරුන්ගේ පාත්‍රය ගත්තේය. බමුණ ගෙට කැදවාගෙන ගොස් වැළද වුයේය. මිනිස්සු කිපී මොහු විසින් නිරපරාධ වූ ආර්යයන් වහන්සේ, පහර දුන්නේ ය. මෙහිම ඔහු මරා දමමුයි ගල්කටු දඬු මුගුරු ගත් අත් ඇතිව බමුණාගේ ගෙදොර සිටියාහුය. තෙරුන් නැගිට පිටත්ව යන්නේ බමුණා අතට පාත්‍රය දුන්හ. මිනිස්සු ඔහු තෙරුන් සමග එනු දැක ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රය ගෙන බමුණා නවත්වන්නැයි කිවාහුය. ඇයි උපාසකවරුනි බ්‍රාහ්මණයා විසින් ඔබ වහන්සේට පහර දෙන ලදී, අපි ඔහුට කළ යුතු දේ දනිමු. ඇයි මොහු විසින් ඔබට පහර දෙන ලද්දේද? ඔබ වහන්සේ පහර දුන්නේය. මම ඔහුගෙන් පහර කා සමාව දුන්නෙමි. ඔබලා යන්න. මිනිසුන් විසුරුවා බමුණ නවතා තෙරුන් විහාරයටම ගියේය. භික්ෂූන් උද්ඝෝෂණ කළහ. මෙය කවර දෙයක්ද සැරියුත් තෙරුන්ට යම් බ්‍රාහ්මණයෙක් පහර දුන්නේද ඔහුගේ නිවසේ වැඩ හිඳ භික්ෂාව ගෙන ආවේ වෙයි. තෙරුන්ට පහර දුන් තැන සිට භික්‍ෂුව ගෙන ආවේ තෙරුන්ට පහර දුන් තැන් සිට දැන් ඔහු හට ලැජ්ජාවක්ද අනෙක් අයට පහරදෙමින් හැසිරෙන්නේය. බුදුරදුන් ගොස් කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා කරුණ පැවසු පසු මහණෙනි, බ්‍රාහ්මණයෙක්ව බ්‍රාහ්මණයකුට පහර දීමක් නැත. ගිහි බ්‍රාහ්මණයෙක් බ්‍රාහ්මණයෙකුට පහර දුන්නේ වෙයි. මේ ක්‍රෝධය අනාගාමී මාර්ගයෙන් සම්පුර්ණ සිඳ දැම්මේ වේ. යයි පවසා ධර්ම දේශනා කරමින් මේ ගාථා දේශනා කළහ.
රහත් බමුණු යන දෙපිරිසට
පහර දියයුතු නොවේ කිසි විට
පහර දුන්නද යමෙක් නික මට
කැපිය යුතු නැත්තේය ඔවු හට
එකටෙක නොකොට බමුණා නම් සිටිය යුතු
එය රහතුන්ගෙ උගුණයෙහි තිබිය යුතු
නැති නම් ඔවුන් තුළ රුදු රොස් පරොස් සිතූ
දුක් කරදර ද නිම වේමැයි තමන් සතු
1. ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණයාට රහතන් වහන්සේට පහර නොදෙන්නේය. ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණ තෙමේ තමන්ට පහර දුන් තැනැත්තාට නො කිපෙන්නේ ය. පහර දුන් තැනැත්තාට නින්දා වේවා ඒ පහර දුන් තැනැත්තාට කිවේද ඊටත් වඩා ඔහුට නින්දා වේවා
2. මේ එකටෙක පහර නොදීම ක්ෂිණාශ්‍රවයන් වහන්සේගේ ස්වල්ප උතුම් බවක් නොවේ. යම් විටෙක කිපුණු තැනැත්තාගේ සිතට කෝප සිතිවිලිවලින් වැළැක්මක් වේද? යම් විධියකින් යමෙකු තුළ හටගත් හිංසා සිත නවතීද ඒ කාරණයෙන්ම දුක් සන් සිදෙන්නේ ය.
එහි පහරෙය්‍යාති - මම රහත් වූ බ්‍රාහ්මණයෙක් වෙමියි දන්නේ ක්ෂිණාශ්‍රව වූ හෝ අනිත් බ්‍රාහ්මණයකුට පහර නො දිය යුතුය. ඔහුට කෝප නොකළ යුතුය ධී බ්‍රාහමණස්ස - යනු - ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණයාට හන්තාරං පහරදෙන්නේද, ගරහන්නේද, තැනැත්තාට ගරහම් තතො ධී - යනු යම් කිසිවෙක් පහර දුන් අයට ප්‍රතිප්‍රහාර දේද, යස්ස යමෙකු ට උපරිම වෛරය, මුඤ්චති මුදන තැනැත්තාට ගැරහිය යුතුය. එතද කිඤ්චි සෙය්‍යා යම් කිසි ක්ෂිණාශ්‍රවයකු හට ආක්‍රෝශ කරන්නේද ප්‍රති ආක්‍රෝශ කරන්නේ පහර දෙන්නේද ප්‍රති ප්‍රහාර දෙන්නේ, මේ ඔහුට බ්‍රාහ්මණස්ස කෙසේවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් නොවන්නේ ය. යදා නිසෙධෝ මනසො පියො- ක්‍රෝධ ඇත්තාට ක්‍රෝධ ඉපදීමක් මනසෙහි ප්‍රියවීමක් ක්‍රෝධය ඇති මිනිස්සු මව පියා - බුද්ධ ආදීන්ට ද ක්‍රෝධ කරයි. මේ නිසා යම් කෙනෙක් මනසේ නිශේධයන් ක්‍රෝධ වශයෙන් උපදින සිතට නිග්‍රහ කිරීමක් වේ නම් එයම ශ්‍රේෂ්ඨ බවකි. අධිමාත්‍රයට ශ්‍රේෂ්ඨ වේ. ක්‍රෝධ සිත් ඇත්තා යම් යම් වස්තුවලින් අනාගාමී මාර්ගයේ සියළු සසර දුක් යන්නේ නවතී ඒ ඒ වස්තුවලින් සියලු සසර දුක නවතී. යන අර්ථයි.
දෙසුම අවසන බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලාදීන්ට පැමිණියහ.