බාහිතපාපො’ති බ්‍රාහ්මණො සමචරියා සමණො’ති වුච්චති.
පබ්බාජයත්තනො මලං තස්මා පබ්බජිතො’ති වුච්චති.
යම් හෙයෙකින් සන්තානයෙන් බැහැර කරණ ලද පාප ධර්‍ම ඇත්තේ නු යි බ්‍රාහ්මණ නැමැ යි කියනු ලැබේ ද, අකුසල් සන්සිඳුවා වසන හෙයින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ ද, එසේ ම යම්හෙයෙකින් තමාගේ රාගාදි මල (තදඞ්ගප්‍රහාණාදියෙන්) පහ කෙරේ ද, එ හෙයින් ප්‍රව්‍රජිතයා යී කියනු ලැබේ.
. "බාහිත පාපොති" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී එක්තරා බ්‍රාහ්මණ පැවිද්දෙක් නිමිති කරගෙන දේශනා කළහ.
එක් බ්‍රාහ්මණයෙක් - බාහිර ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී භවත් ගෞතමයන් තමන්ගේ ශ්‍රාවකයින් පැවිදි කුලේ යයි කියයි. මම ද පැවිද්දෙකි. මම ද එසේ කිම සුදුසුය. යනුවෙන් සිතා බුදුන් වෙත එළඹ මේ කරුණ විමසුවේය. බුදුහු මෙපමණකින් පැවිද්දෙක් නොවේ කෙලෙස් දුරුකළ පැවිද්දාම පැවිද්දා වේ. මේ ගාථාව දේශනා කළහ.
පව්කම් බැහැර කොට "බමුණා ” නම ලදව
සම චරියා නිසා "සමණා” වෙයි දනුව
කෙලෙසුන් නසා "නිකෙලෙස් වී හිත දිනුව
පුගුලා "පැවිද්දා” යනුවෙන් දැනගනුව
එහි සමචරියා යනු සියළු අකුසලයන් සමණය කොට හැසිරෙන බැවින් තමා එහෙයින්, බැහැර කරන ලද පව් ඇති, බ්‍රාහ්මණයා අකුසල් දුරුකොට හැසිරීම නිසා යයි කියයි. එහෙයින් යමෙක් තමාගේ රාගාදී කෙලෙස් මල පබ්බාජයං බැහැර කිරීමෙන් හැසිරේද සතුටුවේද. හෙතෙමේ පැවිදි වීම නිසා පැවිද්දා යයි කියයි යන අර්ථයි.
දේශනාවසානයේ ඒ බ්‍රාහ්මණ පැවිද්ද ලබා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි සිටියවුන්ට සාර්ථක දේශනාවක් වූයේය.