26-3 මාරයාගේ කථා පුවත

යස්ස පාරං අපාරං වා පාරාපාරං න විජ්ජති

වීතද්දරං විසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් ආර්‍ය්‍යශ්‍රාවකයක්හට එතෙර ද (හෙවත් ආධ්‍යාත්මික ෂඩායතනය ද) මෙ තෙර ද (හෙවත් බාහිර ෂඩායතනය ද) එ තෙර මෙ තෙර දෙක ම ද නැත්තේ නම් (මම යැ යි මගේ යැ යි ගැන්මෙක් නැත්තේ නම්) පහ වූ ක්ලේශපීඩා ඇති, සියලු කෙලෙසුන් ගෙන් වෙන් වූ ඒ රහත්හු බ්‍රාහ්මණ නැමැ යි මම් කියමි.

"යස්ස පාරං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී මාරයා නිමිති කර ගෙන දේශනා කළහ.

මාරයා එක් දිනක් එක්තරා පුරුෂයෙක් ලෙසට බුදුන් වෙත එළඹ විමසුවේය. ස්වාමීනි - පාරං - පාරං - යනුවෙන් කියනු ලැබේ. මේ පාර - නම් කුමක්ද? බුදුරදුන් මේ මාරයා යයි දැන පව්කාරය - ඔබට එතෙර වීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එය වීතරාගීන් විසින් ප්‍රාර්ථනා කළයුතු දෙයකි.

එගොඩ මෙගොඩ ද දෙගොඩ නැතිකොට

කෙලෙස් ගිනිදැල් නිවා අළු කොට

කෙලෙස් බැමෙන් මිදුනු දනහට

බමුණු යන නම ලැබෙයි වහරට

යමෙකුට එතර ද මෙතරද - මෙතෙරද - එතෙරද නැත්තේද. පහසු කෙලෙස් විඩා ඇති, සියළු කෙළෙසුන්ගෙන් මිදුණු ඒ රහතන් වහන්සේට මම බ්‍රාහ්මණයයි කියමි.

එහි පාරං යනු ආධ්‍යාත්මික ආයතන සයයි. (ඇස- කන - දිව - නහය - කය - සිත) අපාරජං යනු බාහිර ආයතන සයයි. (රූප - ශබ්ද - රස - ගන්ධ - ස්පර්ශ - ධම්ම) පාරා පාරං මේවා නිසා ඇතිවන බියයි, න වීජ්ජති යනු යම් කෙනෙකුට මේ සියල්ල පිළිබඳව මමය මගේය යන ග්‍රහණය නැතිවීම, සංකිලේසයන්ගෙන් වෙන්වීම. වීතදදරං. සියලු ක්ලේශයන්ගෙන් වෙන්වීම විසංයුත්තං තං අහං බ්‍රාහමණං වදාමි. ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි යන අර්ථයි.

දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහු

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.