යදා ද්වයෙසු ධම්මෙසු පාරගූ හොති බ්‍රාහ්මණො
අථස්ස සබ්බෙ සංයොගා අත්‍ථං ගච්ඡන්ති ජානතො.
බමුණු තෙම (හෙවත් රහත් තෙම) යම් කලෙක ශමථවිදර්‍ශනා දහම් දෙක්හි පර තෙරට ගියේ වේ ද, එ කලැ චතුස්සත්‍යයන් මොනොවට දන්නා ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාගේ සියලු සංයෝගයෝ (කාමයොගාදීහු) ක්‍ෂයයට පැමිණෙන්නාහ.
"යදා දවයෙසු ධම්මෙසු” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී බොහෝ භික්ෂූන් නිමිතිකර ගෙන දේශනා කළහ.
එක් දිනක් තිස්නමක් පමණ වූ දිසාවාසී භික්ෂූහු පැමිණ බුදුන් වැඳ වාඩිවූහ. සැරියුත් තෙරුණුවෝ මේ භික්ෂූන්ගේ රහත්බවට හේතු සම්පත් දැක බුදුන් වෙත එළඹ සිටගෙනම මෙම ප්‍රශ්න විමසුහ. ස්වාමීනි "දෙව ධම්මා” කියනු ලැබේ මේ ධර්ම දෙක කුමක්ද? අනතුරුව බුදුරදුන් “දෙවෙ ධර්ම” නම් සාරිපුත්ත සමථ - විපස්සනාවන්ට කියනු ලැබේ.
සමත විදසුන් බවුන්ව වඩමින්
සතර සත්තය දැනුම ලබමින්
සතර යෝගම නසා දමමින්
නිවෙති බමුණෝ නිවන ලබමින්
යම් කලෙක බ්‍රාහ්මණ තෙමේ සමථ විදර්ශනා ධර්මයන්හි පරතෙරට ගියේද එකල චතුරාර්ය සත්‍ය දන්නා වූ ඔහුගේ සියළු සංයෝජන විනාශයට යෙත්.
මෙහි යදා - යන යම් කලෙකද සෙසු ධර්ම දෙකෙහි ධම්මෙසු - සමථ විදර්ශනා ධර්මයන්හි යෙදෙන ක්ෂීණාශ්‍රවයා පාරශු පරතෙරට ගියේ වෙයි. අථස්ස සංසාර වෘත්තයෙහි සංයෝජන බිඳදමු සබ්බෙ සියළු කාමාදි සංයෝග, සංයෝගා අත්ථං ගච්ඡන්ති මෙසේ සියළු කාම ඕඝ ආදිය දැන ඒවා ක්‍ෂය කොට නිවණට යන්නේය. යන අර්ථයි.
දේශනාව අවසානයේ සියළු භික්ෂූහු රහත් ඵලයට පත්වූහ.