ඡින්‍ද සොතං පරක්කම්ම කාමෙ පනුද බ්‍රාහ්මණ
සඞ්ඛාරානං ඛයං ඤත්‍වා අකතඤ්ඤූ’සි බ්‍රාහ්මණ.
බමුණ, වීර්‍ය්‍ය කොට තෘෂ්ණා දියපහර සිඳ පිය. (එය පිණිස) වස්තුකාම ක්ලේශකාමයන් (සිතෙන්) පහ කරව. බමුණ, සංස්කාරයන්ගේ විනාශය විවසුන් නුවණින් දැන, අකෘතඥ (නිවන් දන්නේ) වෙහි ය.
"ජීන්ද සොතන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී ප්‍රසාද බහුල බ්‍රාහ්මණයෙක් අරමුණු කරගෙන දේශනා කළහ.
ඔහු වනාහි බුදුන්ගෙන් ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇත්තේ තම නිවසේ දහසක් පමණ භික්ෂූන්ට නිතර බත් තබා භික්ෂූන් පැමිණි වේලාවේ දී පාත්‍රය ගෙන පින්වතුනි පැමිණෙත්වා පින්වතුනි වාඩි වෙන්න හොන්තා අරහන්තො පින්වත් රහතුන් වහන්ස යනුවෙන් නිතර රහත් යන වචනය යොදාම කථා කරයි. මෙම භික්ෂූන් වහන්සේලා අතර පුහුදුන් භික්ෂූන් මෙතෙම අපි රහතුන් වහන්සේලා යයි සිතයි එයින් නොසතුටු වූහ. රහතුන් වහන්සේලා අය මෙතෙම අප රහත් ව සිටින බව දැන දැනම කරන කතාවකැයි මෙලෙස සියල්ලෝම සැක ඇති නිසා ඔහුගේ ගෙදරට නො ගියාහුය ඔහු දුකට පත්ව දොම්නස් වහන්සේලා නො එන්නේ ඇයිදැයි විහාරයට ගොස් බුදුන් වැද මේ කරුණ දැනුම් දුන්හ. බුදුරදුන් භික්ෂූන් අමතා මෙලෙස වන්නේ කෙසේදැයි විමසා ඔවුන් විසින් එම අර්ථය දැනුම් දුන්විට මහණෙනි ඔබට මේ අදණ්ඩවාදය පිළිගත හැකිද? ස්වාමීනි අපට ඉවසිය හැකි නොවේ. මෙසේ ඇති කල්හි, මහණෙනි, මිනිසුන්ගේ ඇති බලවත් ප්‍රසාදය නිසා මෙසේ ආමන්ත්‍රණය කරයි. එය ප්‍රසාදය නිසා ආමන්ත්‍රණයේ වරදක් නැත. එසේම මේ බ්‍රාහ්මණයා රහතන් වහන්සේලාට අධික ප්‍රේමයක් ඇත. මේ නිසා තොපද තෘෂ්ණා ශ්‍රෝතසය සිඳ දමා රහතන් බවට පත්වීම වටී යයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
තන්හා මහ වතුර වියලනු වෙහෙස ගෙන
නන් කාමයන් දුරුකළ මැන සිතට එන
සියළුම සකර දම් පිළිබඳ නැසුම දැන
බමුණානති නිවන් සුව සෙත විඳිනු මැන
බමුණ පරාක්‍රමය කොට තෘෂ්ණා ශ්‍රෝතය සිඳ දමන්න කාමයන් දුරලන්න. සහකාරයන්ගේ විනාශය දැන නිවණ දකිනෙක් වන්න.
එහි පරක්කම නම් තෘෂ්ණා ශ්‍රෝතසය අප්‍රමාදීව උත්සාහයෙන් සිඳීමට නොහැකිය. එහෙයින් ඥාණ යුක්තව මහත් උත්සාහයෙන් වීර්යයෙන් උත්සාහ දරා සොතං එම ශ්‍රෝතසය සිඳින්න. කාමෙපනුද වස්තුකාම ක්ලේශ කාමයන් ඉවත් කරව. බ්‍රාහ්මණයා රහතන් වහන්සේලාට ඇමතීමකි. සංඛාරානං පංචස්ඛන්ධයන්ගේ ක්‍ෂය වීම දැන අකතඤ්ඤුති මෙසේ ඇතිවිට ඔබ, නිර්වාණය දනගැනීම අක නම් වේ.
දෙසුම අවසන බොහෝදෙන මාර්ගඵලයන්ට පත්වුහ.