න සීලබ්බතමත්තෙන බාහුසච්චෙන වා පන
අථ වා සමාධිලාභෙන විවිච්ච සයනෙන වා.
සිවුපිරිසිදු සිල් පමණෙකින් හෝ තෙළෙස් ධුත ගුණ පමණෙකින් හෝ, නැවැත බහුශ්‍රැතභාව (ත්‍රිපිටකධර භාව) මාත්‍රයෙකින් හෝ නොහොත් සවිතර්‍කසවිචාරසමාධි අවිතර්‍කවිචාරමාත්‍රසමාධි අවිතර්‍කඅවිචාරසමාධි යන ත්‍රිවිධ සමාධි ලාභයෙන් (හෙවත් රූපාරූප අෂ්ටසමාපත්ති ලද පමණින්) හෝ විවික්තශය්‍යායෙන් (හෙවත් ගණසඞ්ගණිකායේන් වෙන් වැ කායවිවේකයෙන් යුක්ත ව විසීම් පමණෙකින්) හෝ (සුඛිත යෙමි යි නො සිතිය යුතු.)
ඵුසාමි නෙක්ඛම්මසුඛං අපුථුජ්ජනසෙවිතං
භික්ඛු විස්සාසමාපාදි අප්පත්තො ආසවක්ඛයං.
මහණ, පුහුදුනන් විසින් නො සෙවුනා ලද නෙක්ඛම්ම සුඛය (හෙවත් අනාගාමිඵල සුඛය) නාමකයින් ස්පර්‍ශ කෙරෙමි යි හෝ ආස්‍රවක්‍ෂයයට (රහත් පලයට) නොපැමිණි තෝ භවයෙහි විශ්වාසයට නො පැමිණෙව.
" න සීලබ්බත මත්තෙනා” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී බොහෝ සීලාදී ධර්මයන්ගෙන් යුත් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළසේක.
මෙම භික්ෂූන් අතර ඇතැම් අයට මෙබඳු සිත් ඇති විය. අපි සීල සම්පන්නවෙමු. අපි ධුතාංගධාරිහු වෙමු. අපි බහුශ්‍රැත වෙමු. අපි පන්ත සේනාසන වාසී වෙමු. අපි ධ්‍යාන අභිඥාලාභී අය වෙමු. අපි අර්හත්වය දුර්ලභ නොවෙමු. කැමති දිනෙක රහත් බවට පත්වන්නෙමු. අනාගාමීව සිටිය භික්ෂූන් දැන් අපට අරිහත්වය දුර්ලභ නොවේ. යනුවෙනි.
මේ සියල්ලෝම එක් දිනක් බුදුන්වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියදී මහණෙනි ඔබ හැම පැවිදි කාර්යයන් ඉටුකර ගත්තා නොවේදැයි බුදුන් විසින් විමසන ලද්දේ, මෙසේ කීවාහුය. ස්වාමීනි අපි මෙබඳු වෙමු මෙබඳුවෙමු. එනිසා අපි කැමති කැමති ක්ෂණයක අර්හත්වයට පැමිණීමට සමර්ථ වෙමුයි සිතා වාසය කරමු. බුදුහු ඔහුගේ වචන අසා මහණෙනි. ! භික්ෂුවක් විසින් නම් පිරිසිදු සිල් ඇති පමණින්ම හෝ, අනාගාමී සුවයට පත්ව සිටීමේ පමණකින්ම භව දුක ද්වයයි දැකීම සුදුසු නොවේ. නොවටී ආශ්‍රවයන් ක්ෂය කිරීමට නොපැමිණ සුවපත් වු වෙමුයි සිත් ඇතිකර ගත යුතු නොවේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
අරහත් මගින්මයි
සසර කෙළවර වන්නේ
ඉන් මෙහා නැවති
කෙලෙසද සතුටු වන්නේ
සිල්, වත් පිරිම් පමණකින් ඇසු පිරුතැන් ඇති පමණකින් එසේම සමාධි ලාභයෙන්, විවේක සෙනසුන් හි විසීමෙන් හෝ ආර්යයන් විසින් නෛෂ්ක්‍රම සුවය පරිශ්‍ර කරමියි, නොසිතිය යුතුය. භික්ෂුව කෙලෙස් කෙළවර නොකර, විශ්වාසයට පත්විය යුතු නොවේ. එහි - සීලබ්බත මත්තෙනාති - චතුපාරිශුද්ධි සිල් ඇති බැවින්ම හෝ ධුතාංග ඇති බැවින් හෝ බාහු සච්චෙනවා ත්‍රිපිටකයට උගත් බැවින් හෝ, සමාධිලාගෙන යනු අට සමාපත්ති ලාභය නිසා හෝ නෙක්කඛම්ම සුඛන්ති යනු අනාගාමි සුවය නිසා හෝ අපුථුජ්ජන සෙවිතං පුහුදුන් ජනයා විසින් නොසෙවුනා ලද ආර්යයන් සේවනය කළ පමණින් විස්සා සමාපජජි - විශ්වාසයට පත් වන්නේද මෙය කියන ලදී. භික්ෂුවක් නම් මේ සිල සම්පන්න බැවින්ම මගේ භවය ස්වල්පයයි ආසවක්ඛය සංඛ්‍යාත රහත්බවට නොපත්ව විශ්වාසයට නොයා යුතුය. යම්සේ ඉතා ස්වල්ප වුවද අශුචි දුගදය - මෙලෙස අල්පමාත්‍රවාද භවය දුකකි.
දේශනාවසානයේ එම භික්ෂුහු රහත් ඵලයට පත්වුහ. පැමිණි අයට ද දේශනය සාර්ථක විය.
ධර්මපදට්ඨ වර්ග වර්ණනය නිමාවිය.
දහනවවෙනි වර්ගයයි.