20-1 පඤ්ච සත භික්ෂූන් පිළිබඳ කථා පුවත

මග්ගානට්ඨඞ්ගිකො සෙට්ඨො සච්චානං චතුරො පදා

විරාගො සෙට්ඨො ධම්මානං ද්විපදානං ච චක්ඛුමා.

මාර්‍ග අතුරෙන් අෂ්ටාඞ්ගිකමාර්‍ගය (අෂ්ටමිත්‍යාත්‍වයන් දුරැ ලන බැවිනුත් සිවුසස්හි දුක් පිරිසිඳීම් ආදිය කරණ බැවිනුත්) උතුම් ය. (වාක්සත්‍යය සම්මතිසත්‍යය දෘෂ්ටිසත්‍යය පරමාර්‍ත්‍ථසත්‍යය යන මේ) සත්‍ය අතුරෙන් දුක්ඛසත්‍යාදි සත්‍යපද සතර (සත්‍යාර්‍ත්‍ථයෙන්) උතුම්හ. (ප්‍රත්‍යයයෙන් උපන් නොඋපන්) සියලු ධර්‍ම අතුරෙන් විරාගධර්‍මය (හෙවත් නිවන) උතුමි. දෙ පා ඇති සියලු සතුන් අතුරෙහි පසැස් ඇත්තේ (බුදුරජ තෙම) උතුමි.

එසො’ව මග්ගො නත්‍ථඤ්ඤො දස්සනස්ස විසුද්ධියා

එතං හි තුම්හෙ පටිපජ්ජථ මාරස්සෙතං පමොහනං.

(මාර්‍ගඵල) දර්‍ශනයාගේ විශුද්ධිය පිණිස මෙය ම මඟ ය. අන් මඟෙක් නැත. තෙපි මෙ මඟෙහි පිළිපදිවු. මේ අරී අටැඟි මඟ මරහු මුළා කරන්නේ ය. (කෙලෙස් මරසෙන් සහිත දෙව්පුත් මරහු වංචිත කරන්නේ ය.)

එතං හි තුම්හෙ පටිපන්නා දුක්ඛස්සන්තං කරිස්සථ

අක්ඛාතො වෙ මයා මග්ගො අඤ්ඤාය සල්ලසත්‍ථනං.

මේ අරී අටැඟි මගෙහි පිළිපන් තෙපි සියලු සසර දුක කෙළවර කරවු. රාගාදි ශල්‍යයන් මඬනා (නොහොත් රාගාදි උල් උදුරා ලන) (අනුශ්‍රව අනුමාන නැති වැ) ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැන නිවනට පමුණුවන මේ මාර්‍ගය ඒකාන්තයෙන් මා විසින් කියන ලදී.

තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා

පටිපන්නා පමොක්ඛන්ති ඣායිනො මාරබන්‍ධනා.

මහණෙනි, දැන් තොප විසින් (කෙලෙස් තවන හෙයින් ආතප්ප නම් වූ) සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යය කට යුතු යි. සර්‍වඥවරයෝ හුදෙක් නිවන් මඟ කියන්නාහු ම වෙති. (අත අල්ලා ගෙන නිවන් පමුණුවන්නෝ නො වෙති.) ධ්‍යායී වූ (හෙවත් ශමථ විදර්‍ශනා භාවනාවෙහි යෙදුනු) යෝගාවචරයෝ මාරබන්‍ධනයෙන් (ත්‍රෛභූමකවෘත්තයෙන්) මිදෙන්නාහු ය.

.

"මග්ගානට්ඨඞ්ගිකො " යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වෙහෙර වැඩ සිටියදී පන්සියයක් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.

මේ භික්ෂූන් වහන්සේලා බුදුන් ජනපද චාරිකාවේ යෙදී නැවත ඇවතට පැමිණිවිට උපට්ඨාන සාලාවේ වාඩිවී අසවල් ගමේ මාර්ග සමය අසවල් ගමේ මාර්ග විසමය කැටගල් වලින් යුක්තවෙයි. ගල්සහිත නොවේ. මේ ආදී වශයෙන් තමන් ගමන් කළ මාර්ගය පිළිබඳව මාර්ග විස්තර කථා කරමින් සිටියහ.

බුදුහු ඔවුන්ගේ අරහත්වයට හේතු සම්පත් දැක එතැනට වැඩමකොට පනවන ලද අසුනේ වැඩසිට මම ඒමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා මේ කථාවෙන් යුතුවයයි පැවසුවිට මහණෙනි මේ බාහිර මාර්ගයි. භික්ෂූන් විසින් නම් ආර්ය මාර්ගය පිළිබඳව කටයුතු කිරීම වටී. මෙසේ කිරීමෙන් සියළු දුකින් මිදේයයි පවසා මේ ගාථා පැවසුහ.

මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශ්‍රේෂ්ඨය සත්‍යයන් අතර චතුරාර්ය සත්‍යය ශ්‍රේෂ්ඨවේ. ධර්මයන් අතර වීරාගය නිවන ශ්‍රේෂ්ඨය. මිනිසුන් අතර බුදුන් ශ්‍රේෂඨය. (පසැස් නිසා)

නිවන් දැකීම පිණිස මෙයම මගයි අනෙක් මාර්ගයක් නැත. තෙපි මේ මාර්ගයේ පිළිපදිව් මෙය මාරයා මුලාකරන මාර්ගයයි.

මේ මාර්ගයේ පිළිපන්නාවු තෙපි දුක් කෙලවර කරන්නාහුය. මවිසින් රාගාදි උල් උපුටාදමන ආර්ය මාර්ගය දැන ඒකාන්තයෙන් ප්‍රකාශ කරන ලදී.

තොප විසින් කෙළෙසුන් තවන වීර්යය කටයුතුය. තථාගතවරු නිවන් මග ප්‍රකාශ කරන්නෝය. නිවන් මගට පිළිපන් ධ්‍යාන වඩන තැනැත්තෝ මාර බැමෙන් මනාකොට මිදෙත්.

එහි මග්ගානට්ඨඞ්ගිකො - යනු අඩිපාරවල් හෝ මහාමාර්ග හෝ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි හෝ යන ඒ සියළු මාර්ග (නිවනට මං නොවේ) සම්මාදිටඨි ආදී අංග අටකින් මිථ්‍යා දෘෂ්ටි ආදි අංග අට ප්‍රහාණය කරන්නේ නිරෝධ අරමුණු කොට චතුරාර්ය සත්‍යයන්හි දුක්ඛාදිය පිළිබඳව ශේෂයෙන් දන්නා නුවණින් ක්‍රියා ඇති කරන්නේ ආර්ය මාර්ගයම ශ්‍රේෂ්ඨය උතුම්ය. සච්චානං චතුරො පදාති - යනු "සචචං භණෙ” න කුජෙඣයා” අදියෙහි ආවාවු වචී සත්‍යය වේවා, "සච්චේ බත්තියො” ආදි භේදයහි සම්මුති සත්‍යය හෝ, "ඉදමෙච සචං මෝස මඤ්ංඤා” ආදී තන්හි දිටඨි සත්‍ය දුක්ඛං අරියසච්චං” ආදී තන්හි (දුක්ඛ ආර්ය සත්‍යය) පරමාර්ථ සත්‍යය හෝ සියල්ල දැනගතයුතු ප්‍රහාණය කළයුතු තැන වැඩියයුතු තැන එකලුවම අවබෝධ කර ගැනීමෙන්ද, යථාර්ථය අවබෝධ කර ගැනීම දුක්ඛ ආර්ය සත්‍යය වේ. මේ ආදී වශයෙන් සතර පද ශ්‍රේෂ්ඨ නම් වේ. විරාගො සෙට්ඨා ධම්මානං යනු යම් හෙයකින් මහණෙනි සංඛත හෝ අසංඛත හෝ විරාග ධර්ම අග්‍රයයි ගැනේ. සියළු ධර්මයන් අතර අග්‍රවේ. ද්විපදානං චක්ඛුමා සියළු දෙව් මිනිසුන් අතර දෙපා ඇත්තවුන් අතර පස් ඇස් ඇති බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨය, දස්සනස විසුද්ධියා මාර්ග ඵල දර්ශන විසුද්ධිය යමෙක් ශ්‍රේෂ්ඨයයි මවිසින් කියන ලදද එසොව මග්ගොන තථඤෙඤා මෙම මාර්ගයට වෙනත් දෙයක් නැත. එයමය, එහෙයින් තෙපි මෙයම පටිපජ්ජථ පිළිපදිවි මාරසේසතං පමොහන්තති යනු මෙය මාර මෝහනය මාර බන්ධනය වේයයි කියන ලදී. දුක්ඛසසන්ත යනු සියළුම සසර දුකට අවසානය කරන්නේයයි යන අර්ථයි. අඤ්ඤාය සල්ලසත්ථනං යනු රාගාදී උල් නැසීමට ආයුධයයි. අබ්බුහනං මේ මාර්ගය මවිසින් හැර (වෙනත් අයකු විසින් නොදන්නා ලදී) අනුසය වාදීන් විසින් ආත්ම ප්‍රත්‍යක්ෂයෙන් දැන මේ මාර්ගය කියන ලදී. දැන් තුම්හෙහි තොප විසින් කෙලෙස් තැවිමේ වීර්යයෙන් ආතප්ප තමන් අධිගමය සඳහා සම්‍යක් ප්‍රධාන වීර්යය කාර්යය කරණීය කළයුතුය. අක්ඛාතාරෝ තථාගතො මේ නිසා තෙපි විසින් තථාගතයන් පවසන පරිදි පිළිපන් ධ්‍යාන දෙකෙන් ධ්‍යාන වඩන්නේ ඉන් ත්‍රෙභූමික වන සංඛ්‍යාත මාරබන්ධනයෙන් මිදේ යන අර්ථයි.

දේශන අවසානයේ එම භික්ෂූන් රහත් බැවිහි පිහිටියාහුය. පැමිණි අයට ද දේශනය සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.