අසජ්ඣායමලා මන්තා අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං පමාදො රක්ඛතො මලං.
හදාළ ශාස්ත්‍රයෝ නොපිරුවීම මල කොටැතියහ. ගෘහයෝ වීර්‍ය්‍ය නොකිරීම මල කොට ඇත්තාහ. ශරීරවර්‍ණයට කුසීත බව මලයෙක. (කෙත්වත් ඈ) රක්නාහට ප්‍රමාදය මලයෙක (කිලිටෙක).
"අසජඣාය මලා" යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී ලාලුදායි තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර කෝටි පහක් පමණ ආර්ය ශ්‍රාවකයෝ පෙරවරුයෙහි දන් දී පස්වරුවේ ගිතෙල් පැණි වස්ත්‍ර ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. බණ අසා එන අතර සැරියුත් මුගලන් හිමිවරුන්ගේ ගුණ කථා කරති. ලාලුදායි තෙරුන් මේ කථා අසා සිට ඔබලා මේ තෙරවරුන්ගේ ධර්මකථා අසා ගුණ කියති. මගේ ධර්ම කථා අසා ගුණකථාවක් නොකියන්නේ මන්දැයි විමසුහ. මිනිස්සු ඒ කථාව අසා මුන්වහන්සේ ද ධර්ම දේශකයාණන් කෙනෙක් වන්නට ඇත. මුන්වහන්සේගේ ධර්ම කථාව ද ඇසීම වටී. යයි කියා ඔවුහු එක් දිනක් ස්වාමීනි අද අප ධර්මය අසන දිනයක් එනිසා සංඝයාට දන් දී අවසන අද දිවාකාලයේ ධර්මදේශනය කරන්නයි කීවාහුය. උන්වහන්සේ ද ඔවුගේ ආරාධනය පිළිගන්න. ඒ පිරිස ධර්මය අසන වේලාවේදී පැමිණ ස්වාමීනි අපට ධර්මය දේශනාකරන්නැයි පැවසුවිට ලාලුදායි තෙරුන් පැමිණ අසුනේ වාඩිවී විසිතුරු විජිනිපත ගෙන සොලවමින් එකම ධර්ම පදයක් හෝ නොදැක (සිහිනොවී) මම පසුව පාලි පිරුවා කියමි. දැන් වෙනත් අයෙක් ධර්මපද කියක්වායි කියා අසුනෙන් බැස්සේය. අන් භික්ෂුවක් ලවා ධර්මය දේශනා කරවා මිහිරි ස්වරයෙන් කීමට නැවත ද ආසනයට නැංවුහ. දෙවනුවද කිසිවක් නොදැක (සිහි නොවී) මම රාත්‍රියේ ධර්මදේශනා කරමි. අන් කෙනෙක් පාලි පිරිවුව මැනැවි - යි කියා ආසනයෙන් බැස්සේය. උපාසකවරු අන් තෙරනමක් ලවා පදභානය කරවා නැවත රාත්‍රියේ තෙරුන් අසුනට නැංවුහ. ඔහු රාත්‍රියේද කිසිවක් කියනු නොහී මම අළුයම කියනෙමියි රාත්‍රි දේශනය අන් තෙරනමකට පැවරුවේය. නැවත උදැසන දේශනයට ගෙන්වුහ. නැවත ද අළුයම කිසිවක් සිහිනොවීය. මහජනයා ගල් පොලු මුගුරුගෙන අධබාලය නුඹ සැරියුත් මුගලන් හිමිවරුන්ගේ ගුණ කථනය කරනවිට මේ මේ දේවල් කියයි දැන් කුමක් නිසා නොකියන්නේන්ද තර්ජනය කර පළා යනවිට ලුහුබැන්දාහුය. ඔහු පලායන විට එක් පාලු වැසිකිළි වලකට වැටුනි. මහජනයා කථාවක් ඉපදවුහ. අද ලාලුදායි සැරියුත් මුගලන් තෙරවරුන්ගේ ගුණකථා කරනවිට ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ ධර්ම කථිකභාවය ප්‍රකාශකොට මහජනයාගෙන් සත්කාර ගෙන ධර්මය අසමුයි කීවිට සිව්වතාවක් අසුනේ වාඩිවීසිටත් කිවයුතු කිසි දෙයක් නොමැතිව තොප අපේ සැරියුත් මුගලන් කෙරෙහි එකටඑක ගත්තේදැයි දඬු මුගුරුගල් ආදිය ගෙන තර්ජනය කරනවිට පළා ගොස් වැසිකිළි වලක වැටුනේයයි කථාකරන විට බුදුන් පැමිණ මහණෙනි! කුමක් කථාකරමින් සිටියේදැයි විමසා භික්ෂූන් දැක්වුවාට පසුව දැන් පමණක් නොව පෙරද මොහු අසුචි වලක ගිලුනේයයි පවසා අතීත කථාව ගෙනහැර දැක්වුහ.
"චතුප්පදො අහං සම්ම වංපි සම්ම චතුප්පදො” යහළුවේ - ඔබ ද සිවුපාවෙකි. මම ද සිවුපාවෙකි සිංහය මෙනි එන්න ඇයි බියෙන් පලායන, සුකරය තෝ බඩ අසුවි තැවරුන ලොම් ඇති දුගඳ හමන්නෙකි ඉදින් යුද්ධ කරනු කැමතිනම් මම ඔබටම ජය දෙනෙමි. මෙම ජාතක කථාව විස්තර කොට පැහැදිලි කළහ. එදා සිංහයා සැරියුත් තෙරුන්ය. ඌරා ලාලුදායි තෙරය. බුදුහු මෙම දේශනය ගෙනහැර දක්වා මහණෙනි ලාලුදායි තෙර අප්‍රමාදීව ධර්මය ඉගෙන ගත්තේයෙ. සජ්ඣායනය නොකෙළේය. කිසිවක් පර්යාප්තිය විසින් ගෙන සජ්‍ඣායනය නොකළ හෙයින් මළ බැඳුනියි. පවසා මේ ගාථාව දෙසුහ.
දහමට මළය පරිවහණය නොකිරීම
නිවසට මළය වෙර වීරිය පිරිහීම
රූ සපුවට මළය නිති කම්මැලි වීම
නිවනට මළ පමාදය වෙයි හැමදාම
මන්ත්‍ර නොහැදැරීම නිසා මළ බඳී, ගෙවල් ගෙහිමියන් විර්ය කොට ශුද්ධ නොකිරිම නිසා මළබදී, ශරීර වර්ණයට කුසීතබව කිලුටකි. යම්දෙයක් රකින්නාට ප්‍රමාදය කිලුටකි. එහි යම් ශිල්පය හෝ පරියාප්ති ධර්මයක් යම්හෙයකින් භාවිතාවේ නොයොදන්නේ නම් එය වැනසියයි නිතර පෝෂණය නොවේ. මේනිසා නොහැදැරීම මළයක් වේ.
අසජඣාය මලාමන්තා යන්න එහෙයින් කියන ලදී. යම් හෙයකින් ගිහි ගේ වාසය කරන්නා නැවත නැවත දිරාගියතැන් ප්‍රතිසංස්කරණ ආදිය නොකරන විට විනාශ වී යයි. එහෙයින් අනුට්ඨාන මලා සරා ආදිය කියන ලදී. මේ නිසා උට්ඨාන නොවිම යනුවෙන් කියන ලදී. යම් ගිහියෙකු හෝ පැවිදෙකු හෝ කුසිත බව නිසා ශරීර පිරිසිදු කිරීම පරික්‍ෂා කර සජ්ඣායනය නොකරන විට කය දුර්වර්ණ වේ. එනිසා කිළුටුබව ශරීර වර්ණයට කුසිත කම යයි කියන ලදී. මලං වණණස කොසජ්ජං යන්න කීය. යම් හෙයකින් ගවයන් රකින්නාට ප්‍රමාදය නිසා හෝ නිදා ගන්නට හෝ ක්‍රිඩා කරන්නට හෝ තොටුපලින් වෙනස්ව පනින්නට හෝ ව්‍යාලමෘග්‍ර සොර උවදුරු වලින් හෝ අනුන්ගේ කෙත් ආදියට බැස කෑම හෝ විනාශ කිරීමට ලක්වේ. තමන් ද දඩුවමට හෝ පරිහාසයට ලක්වේ. පැවිද්දෝ සදොර ආරක්ෂා කරමින් ප්‍රමාදයෙන් කෙලෙස්වලින් බැහැරවී සසුනෙන් බැහැර රහත්වේ. පමාදො රක්ඛතො මලං මේ නිසා ප්‍රමාදය අරක්ෂා කරන්නාට කිළුටකි. පවසන ලදි. මේනිසා ප්‍රමාදය විනාශය ඇතිකරන නිසා කිළුට නිසා මල යන අර්ථය දෙයි.
දෙසුම අවසන බොහෝදෙන සෝතාපන්න ආදී මාර්ගඵලයන්ට පැමිණියාහුය.