මලිත්ථියා දුච්චරිතං මච්ඡෙරං දදතො මලං
මලා වෙ පාපකා ධම්මා අස්මිං ලොකෙ පරම්හි ච.
ස්ත්‍රියට දුශ්චරිතය (ධූර්‍තවීම) මලයෙක (කිලිටෙක). දන් දෙන්නාහට මසුරුබව මලයෙක (කිලිටෙක). අකුශල ධර්‍මයෝ මේ ලොව ද පර ලොව ද ඒකාන්තයෙන් මලයෝ ය (කිලුටු ය)
තතො මලා මලතරං අවිජ්ජා පරමං මලං
එතං මලං පහත්‍වාන නිම්මලා හොථ භික්ඛවො.
මහණෙනි, ඒ සියලු මලයට වඩා අධිකතර මලයක් තොපට දක්වමි. (දුඃඛාදි අට තැන පැවැති නො දැන්මැ යි කියන ලද) අවිද්‍යාව මහත් ම මලය ය (කිලුට ය). මේ අවිද්‍යා නැමැති මලය (රහත් මග නුවණින්) පහකොට නිර්‍මල වවු.
"මලිත්ථියා දුච්චරිතං" යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටියදී එක්තරා කුලපුත්‍රයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
එක් කලෙක මොහුට සමාන කුලගෝත්‍ර ඇති කුල කුමරියක් ගෙනාවේය. ඇය ගෙන ආ දිනයේ සිට අනාචාරයේ හැසිරෙන කෙනෙක් වුවාය. මේ කුල පුත්‍රයා ඇගේ නොමනා හැසිරීමෙන් ලජ්ජාවට පත්ව කිසිවෙකු හමුවීමට නොහැකිව බුද්ධෝපස්ථානාදිය නවතා දින කීපයකින් බුදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක සිටියේය ඇයි උපාසක පසුගිය දවස්වල නොදැක්කේ යයි පැවසුවට වැඳ මෙම කරුණ පැහැදිළි කළේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ උපාසක මම පෙරද ස්ත්‍රීහු නම් ගංගා හා සමානය නුවණැත්තන් විසින් ඒ ගැන කෝප නොකළ යුතුය යයි කියන ලද්දේය. නුඹ භවයෙන් වැසිගිය නිසා මේ පිළිබඳව නොසිතීය යයි පවසා ඔහු විසින් විමසන ලදුව මෙසේ වදාළහ. ගංගාව, මහමග අවන්හල, බොහෝදෙනා රැස්වන තැන හැම දෙනාටම පොදුය. එමෙන්ම ස්ත්‍රිය ද අවකාශ ලද පරිදි බොහෝ දෙනාට පොදුවේ. මේ චූළකුණාල ජාතකය විස්තරව වදාරා ස්ත්‍රියගේ නොමනා හැසිරිම ඇගේ චරිතයට කිලුටක් බවද, දන් දෙන්නාට මසුරුකම කිලුටක් බවද අවිද්‍යාව සියල්ලන්ට වඩා ප්‍රබලම කිලුට බවද, එය මෙලොව පරලොව යහපත නැතිකරන බවද වදාරා මේ ගාථාව වදාළහ.
දුසිරිත කිලුට ඉතිරියකට රුවින් බර
දන් දෙන්නට කිලුට ලෝබය නිරන්තර
අනුවණ කම කිලුට හැමටම උසස්තර
සියලුම කිලුටු දුරුකොට යනු නිවන්පුර.
"මලිත්ථියා දුච්චරිතං මච්ජෙරං දදකො මලං" ස්ත්‍රියට දුශ්චරිතයද දන්දෙන්නාට මසුරු සිත ද කිළුටකි. ලාමක ගතියෙන් යුතු අකුශල ධර්ම මෙලොවටද පරලොවටද කිළිටකි. එනිසා වැඩිම මළය (කිළුටනම්) අවිද්‍යාවයි. මේ අවිද්‍යා මළය පහකොට මහණෙනි නිමල පිරිසිදු බවට පත්වෙමු.
එහි දුච්චරිත නම් දුරාවාරයයි ස්වාමිපුරුෂයා ඉක්මවා හැසීරිමයි. ස්ත්‍රියක් ස්වාමීයා ද ගෙයින් බැහැරකරයි දෙමාපියන්වෙත ගියද ඔබ කුලයට දැලි අඟුරු මෙන් වීයයි ඔබ දසන් දැකීමට ද නොකැමති එළවා දමයි. බැහැර කරයි. ඇය අනාථවී මහදුකට පැමිණේ. මේ නිසාම දුච්චරිත කිලුටක් ලෙස කියනු ලැබේ. දදතො - දායකයා යමෙක් කුඹුරු සීසාන කල මේ කුඹුර පැසුනවිට සලාක බත් ආදිය දෙනෙමියි සිතා ශෂ්‍ය සම්පත් ඇතිවුවිට මසුරුබව ඇතිකරගෙන ත්‍යාගසිත දුරුකරයිද? ඔහු මසුරු ලෙස ත්‍යාග සිත දුරුකිරිම නිසා මිනිස් සම්පත්තිය දිව්‍ය සම්පත්තිය නිවන් සම්පත්තිය යන ත්‍රිවිධ සම්පත් නොලබයි. මෙසේ කියන ලදී. මච්ඡෙරං දදතා මලං යන්න එහෙයින් කියන ලදි අනෙක් මෙබඳු කරුණු වලදි මේ න්‍යායම වේ. පාපකාධම්මා - යනු අකුශල ධර්මයි. මෙලොවද පරලොවද කිළිටි බවට වේ. මේ කියන කිලිටි බවින් තතො යනු පෙරදී කියන කිලිටිවෙ මල තරං යනු වඩාත් කිළිටිබවයි. අවිජ්ජා යනු අෂ්ඨවිධ වස්තුන් අතර එකකි. මලතරං - වඩාත් වැඩි කිළිටි බවයි. පහත්ථා නැති - මේ මළ දුරුකර මහණෙනි තෙපි නිමල නොකිලිටි බවට පත්වේ. දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.