රතියා ජායතී සොකො රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.
(පංචකාමගුණ) රතිය නිසා ශෝකය උපදී. රතිය නිසා භය හටගනී. රතියෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
"රතියා ජායති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ විශාලාවේ කූටාගාර ශාලාවේ වැඩසිටියදී ලිච්ඡවි කුමාරවරුන් නිමිති කරගෙන දේශනා කළහ.
ඔවුන් එක් දිනක් එකිනෙකාට අසමාන ඉතා අලංකාර වස්ත්‍ර ආභරණවලින් සැරසී උයනට යාම සඳහා නගරයෙන් නික්මුණාහුය. බුදුරජාණන් වහන්සේ ද පිඩුපිණිස පිටත් වෙමින් ඔවුන් දැක භික්ෂූන් ඇමතූහ. මහණෙනි යම් කෙනෙක් තාවතිංස දෙවියන් නුදුටුවෝනම් මොවුන් බලන්නැයි පවසා නගරයට පිවිසුණහ. ඔවුන් උයනට යන්නේ එක් නගර ශෝභිනියක් ගෙන ගොස් ඇය නිසා ඊර්ෂ්‍යාවෙන් පෙළී එකිනෙකාට පහරදී ලේ ගඟක් මෙන් විය. අනතුරුව ඔවුන්ව ඇඳන්වල තබා ඔසවාගෙන ආපසු ආවාහුය. බුදුහු ද දානය වළදා නගරයෙන් නික්මුණාහ. භික්ෂූන් ද මෙලෙස ගෙන යන ලිච්ඡවී කුමාරවරු දැක ස්වාමීනි. ලිච්ඡවී කුමාරවරු උදයේ දෙවිවරු මෙන් සැරසී නගරයෙන් නික් මී දැන් එක් ස්ත්‍රියක් නිසා මෙබඳු ව්‍යසනයකට පත්වුහ. බුදුහු මහණෙනි. ශෝකය හෝ බිය ගතිය නිසාම ඇතිවේ. යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
පස්කම් රතියෙ ඇල්මද
ඉතිරින් කෙරෙහි බැල්මද
බිය දුකට මුල් වෙද
එයින් වෙන්වීම මයි නිවරද
රතිය නිසා ශෝකය ඇතිවේ. රතිය නිසා බිය ඇතිවේ. රතියෙන් මිදුනවිට ශෝකයක් නැත. බියක් නොසින්ද
එහි රතිය යනු - පඤ්චකාම ගුණයේ ඇතිවන රතියයි. මේ දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදියට පත්වුහ.