පෙමතො ජායතී සොකො පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.
ප්‍රේමය නිසා ශෝකය උපදී. ප්‍රේමය නිසා භය හටගනී. ප්‍රේමයෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
"පෙමතො ජායතීති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී විශාඛා උවැසිය නිමිති කරගෙන දේශනා කළහ.
ඇය විශාකාව පුතෙකුගේ දුවක් වූ දන්තා නම් කුමරියක තමන්ගේ ස්ථානයේ තබා නිවසට වැඩමවන භික්ෂූන්ට වතාවත් කරවීය. ඇය ටික කලකින් කළුරිය කළාය. විශාඛාව ඇගේ සිරුරු කිස නිමවා ශෝකය දරාගැනීමට නොහැකිව දුකින් දොසින් කඳුළු වැකුන මුහුණින් යුතුව අඬමින්ම බුදුවෙත ගොස් වැඳ එකත් පසෙක වාඩිවුවාය.
මෙහිදී තථාගතයන් වහන්සේ විශාඛාව දැක දුකින් දොසින් කඳුලු පෙරා අඩමින් සිටින්නේ කුමක් නිසාදැයි විමසුහ. ඇය ඒ සියළු තොරතුරු පවසා මට ඉතා ප්‍රිය මනා ගතිපැවතුම් ඇති ඇය නැතිවීම නිසා, එබඳු ගති පැවතුම් ඇති වෙනත් කෙනෙක් සොයාගැනීම අපහසුය. බුදුහු සැවැත් නුවර කොතරම් ජනකායක් සිටිදැයි ඇගෙන් විමසුහ. ස්වාමීනි ඔබවහන්සේ මට පැවසු ලෙසට සත්කෝටියක් ජනතාව සිටිති. ඉදින් මෙපමණ වු ජනයා ඔබගේ මිණිබිරියන් හා සමාන වන්නේ නම් එලෙස වීමට කැමතිද? එසේය ස්වාමීනි. මේ සැවැත් නුවර දිනකට කීදෙනෙක් මියයක්ද? බොහෝදෙන මියයති. ඉදින් ඒ සියලු දෙනා වෙනුවෙන් හඬන්නම් එන්සේ හඩන්නට ඔබට දිවා රෑ වේලාවක් ඉතිරි වන්නේද? එසේ වේවා ස්වාමීනි මම තේරුම් ගතිමි. මට වැටහිණ අනතුරුව බුදුරජාණන් වහන්සේ එසේ නම් ශෝක නොකරන්න. ශෝකය බිය ඇතිවන්නේ ප්‍රේමය නිසාය යයි පවසා මේ ගාථාව පැවසුහ.
දුකට හා බියට ද
මුල්ම හේතුව ප්‍රේමයයි
ප්‍රේමය නොමැති තැන
ඇතිවන්නෙ අම සුවයයි
ප්‍රේමය නිසා ශෝකය ඇතිවේ ප්‍රේමයෙන් බිය ඇතිවේ ප්‍රේමයෙන් මිඳුන තැනැත්තාට ශෝකයක් කොහින්ද බියක් කොහින්ද
මෙහි ප්‍රේමය නම් දු පුතුන් නිසා ඔවුන් කෙරෙහි කරන ලද ප්‍රේමයම වේ.
දේශනය අවසානයේදී බහුජනයා සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.