ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යායෙන් ද, චරණයෙන් ද සම්පන්න බැවින් - යුක්ත බැවින් විජ්ජා-චරණ සම්පන්න වන සේක.
එහි විද්‍යා නම් ත්‍රි විද්‍යා යි. අෂ්ට විද්‍යා හෝ ත්‍රි විද්‍යාව භයභෙරව සූත්‍රයෙහි[1] ද, අෂ්ට විද්‍යාව අම්බට්ඨ සූත්‍රයෙහි[2] ද, දැක්වුණු පරිදි දත යුතු (පූර්‍වෙ නිවාසානුස්මෘතිඥානය, දිව්‍යචක්‍ෂුරභිඥානය, ආශ්‍රවක්‍ෂයකරඥානය යන මේ ඥානත්‍රය ත්‍රි විද්‍යා යි.) විදර්‍ශනාඥානය, මනොමය සෘද්ධිඥානය යන ඥානද්‍වය හා ෂට් අභිඥා හා අෂ්ට විද්‍යා යි. (ෂට් අභිඥා නම් ඉද්ධිවිධ, දිබ්බසොත, පරචිත්තවිජානන, පුබේබනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය යන ඥාන සය යි.)
චරණ නම් ශීල සංවරය, ඉන්‍ද්‍රිය සංවරය, භෝජනයෙහි පමණ දන්නා බව ය, ජාගරියානුයොගය හෙවත් නිදි වර්‍ජනයෙහි යෙදීම ය, සද්ධා - හිරි - ඔත්තප්ප - බාහුසච්ච - විරිය - සති - පඤ්ඤා යන සප්ත ධර්‍මය, රූපාවචර ධ්‍යාන සතර ය යන මේ පසලොස් ධර්‍ම යි. මේ ධර්‍ම පසලොස කරන කොට ආර්‍ය්‍ය ශ්‍රාවක නිවන දෙසට චරණය කරයි. ගමන් කරයි. එහෙයින් ඒ ධර්‍ම පසලොස චරණ ධර්‍මය යි කියන ලදි.
ඒ එසේ මැ යි :- භාග්‍යවතුන් වහන්සේ මැදුම් සඟි මජ්ඣිම පණ්ණාසකයෙහි “ඉධ මහානාම අරියසාවකො සීලවා හොති”[3] යනාදීන් දැක්වූ සේක.
උන්වහන්සේ මේ දැක්වුණු විජ්ජායෙන් ද, චරණයෙන් ද යුක්ත සේක. එහෙයින් විජ්ජා චරණ සම්පන්න වන සේක.
මේ විජ්ජා චරණ අතුරෙන් විද්‍යාසම්පත්තිය උන්වහන්සේගේ සර්‍වඥතාඥානය ද, චරණසම්පත්තිය මහාකාරුණිකත්‍වය ද, පුරා සිටියේ ය. උන්වහන්සේ සර්‍වඥතාඥානයෙන් ලෝකයාගේ අර්‍ථානර්‍ථ දැනැ වදාරා මහාකාරුණිකත්‍වයෙන් අනර්‍ථය හැරැ පියා අර්‍ථයෙහි යොදන සේක. විජ්ජා-චරණ සම්පන්නයෙන් කරන්නේ එසේ මැ ය. එයින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙති. දුප්පටිපන්න නො වෙත්. විජ්ජාචරණසම්පන්න නො වූ ශාස්තෘවරයන්ගේ ශ්‍රාවකයෝ දුප්පටිපන්න වැ අත්තන්තප, පරන්තප, උභයන්තප වෙත්.