අමනාප සත්ත්‍ව සංස්කාර හා එක්වීම අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි.
එය සිත සතුටු නොවන එක්වීම් ලක්‍ෂණය යැ. සිත පෙළීම කෘත්‍යය යැ. අනර්ථ බව වැටහෙන ආකාරය යි. මෙද දුඃඛ වස්තු හෙයින් දුක් වේ.
එයින් කීය
(24) දිස්චාව අප්පියෙ දුක්ඛං - පඨමං හොති චෙතසි
තදුපක්කමසම්භූත-මථ කායෙ යතො ඉධ
(25) තතො දුක්ඛද්වයස්සාපි - වත්‍ථුතො සො මහෙසිනා
දුක්ඛො වුත්තොති විඤ්ඤෙය්‍යො අප්පියෙහි සමාගමො[1]
(24) “නො පිය වත් දැක්මෙන් - පළමුවැ සිත් හි දුක් වේ
එයට උවහම්[2] යෙදුමෙන් - කයෙහි ද දුක් උපදනේ
(25) මෙදුක් දෙකට ම ඒ - වත් වනුයෙන් තිලෝනා
නො පියයන් හා සමහම්[3] දුකැයි, වදහළෙ වෙසෙසින”
අප්‍රිය සම්ප්‍රයොග දුඃඛ විනිශ්චය යි