ඥාති ව්‍යසනාදීන් ස්පර්‍ශ කරන ලද්දහු ගේ අධිමාත්‍ර දුඃඛයෙහි උපදවන ලද ද්වේෂය මැ උපායාසය යි.
මතාන්තරයෙකි.
ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් මෙය සංස්කාරස්කන්‍ධයට ඇතුළත් තුදුස් අකුශල චෛතසිකයන්ගෙන් අන්‍ය වූ විශාද නම් ධර්‍මයෙකැයි යෙති.
මෙය සිත දැවීම් ලක්‍ෂණය යැ. තැතනුම එහි කෘත්‍යය යැ. බැගෑපත් බව වැටහෙන ආකාරය යි. සංස්කාර දුක් බැවින් ද, සිත දවන හෙයින් ද, කය බැගෑ වන හෙයින් ද දුක් වේ.
එයින් මේ කියන ලදී.
(23) චිත්තස්සච පරිදහනාන - කායස්ස විසාදනවා අධිමත්තං
යං දුක්ඛමුපායාසා - ජනෙති දුක්ඛො තතො වුත්තො
(23) ‘නැ වනසෑ[1] නිපන් - දුක සිත දවා දැඩිසේ
කයද දුබල කරනුයෙන් උවහස් දුකැයි[2] පැවසී”
මේ උපායාසයෙහි විනිශ්චය යි.
විශේෂ:- මෙහි මද ගින්නෙන් බඳුනක් තුළ පැසීම මෙන් ශෝකය ද, තද ගින්නෙහි පැසෙන දෙය භාජනයෙන් පිටත උතුරා යාම මෙන් පරිදේවය ද, පිටත නික්මී ඉතිරි වූ දැය බැහැර විය නොහී භාජනය තුළම අවසානය තෙක් පැසීම මෙන් උපායාසය ද දතයුතු.