10. ප්‍රිය විප්‍රයෝගය

මනාප වස්තූත්ගෙන් හා සත්ත්‍වයන්ගෙන් වෙන්වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ය.

එය කැමති වස්තුන්ගෙන් වෙන්වීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ. ශෝක ඉපදීම එහි කෘත්‍යය යැ. ව්‍යසනය ඵලයයි මෙය ශෝක දුඃඛයට වස්තු හෙයින් දුක් නමි.

එයින් කීය.

(26) ඤාති ධනාදි වියොගා - සොකසදරසමප්පිතා චිතුජ්ජන්ති

බාලා යතො තතොයං - දුක්ඛොති මතොපියවිප්පයොගො[1]

(26) “නෑ දන ඈ ඉපිය[2] - වත් වියොවින් නිපන් සෝ

සරපහර ලදඅඳ බල්3 - පෙළනෙන් පිය වියෝදුකැ

මේ ප්‍රිය විප්‍රයෝග දුඃඛ විනිශ්චය යි.

  1. ඉතාප්‍රිය

  2. අන්‍ධ බාල