මානසික දුක දොම්නස යි. එය සිත පෙළීම ලක්‍ෂණය යැ. ව්‍යාපාදය හා යෙදීමෙන් සිත වෙහෙසීම කෘත්‍ය යැ. සිතට ව්‍යාධි එළවන බව වැටහෙන ආකාරයයි.
දුඃඛ දුඃඛය හෙයින් ද, කායික දුක් එළවන හෙයින් ද දුක්ය. ඒ මෙසේ යි:- චෛතසික දුකින් යුක්ත වූයෝ හිසකෙස් විහිදා හඬති. ළෙහි අත් ගසති. අභිමුඛවැ පෙරළෙති. නැවත නැවත පෙරළෙති. පා උඩුකුරු කොට වැටෙති. තමා සිරුරට ආවුධවලින් ඇණගනිති. විෂ අනුභව කෙරෙති. ගෙළ රැහැන් බැඳ එලෙති. ගින්නට පනිති. මෙසේ නන් වැදෑරුම් දුකට පැමිණෙත් එයින් කීහ.
(22) පීලෙති යතො චිත්තං - කායස්සච පීලනං සමාවහති
දුක්ඛන්ති දොමනස්සං - විදෙමනස්සා තතො ආහූ[1]
(22) “දොම්නස සිත පෙළා - ඉන් කයට ද මහත් දුක්
එළවා හෙද දුකැයි ඉන් - කීහු දොම්නස් නැසුවෝ”
මේ දොම්නසෙහි විනිශ්චය යි.
-
ස:වි:විභඞ්ගකථා 73 ↑