“ඇපි උපදනා ස්වභාව ඇත්තමෝ නො වමුනම් මැනවැයි” යනාදි නො ලැබිය හැකි වස්තුන් කැමැති වීම මැ ඉච්ඡා විඝාත දුඃඛයයි වදාරන ලදී.
එය නොලැබිය හැකි වත් කැමතිවීම ලක්‍ෂණය යැ. එය සෙවීම කෘත්‍යය යැ. එය නොලැබීම වැටහෙන ආකාරය යි.
මෙයද දුඃඛයට වස්තු හෙයින් දුකය යි කියනු ලැබේ.
එයින් කීය.
(27) තං තං පත්‍ථයමානානං - තස්ස තස්ස අලාභතො
යං විඝාතමයං දුක්ඛං - සත්තානං ඉධ ජායති.
(28) අලබ්භනෙය්‍යවත්‍ථුනං - පත්‍ථනා තස්ස කාරණා
යස්මා තස්මා ජිනො දුක්ඛං - ඉච්ඡිතාලාහමබ්‍රවි[1]
(27) ‘ඒ ඒ පතන දැය - නො ලැබැ විපිළිසර බැවින්
පැහැරීමෙන් යම් දුකෙක් - වේනම් මෙලෝ සත්නට
(28) නො ලද හැකි නන් වත් - පැතුම් එයට කරුණු වේ.
රිසි දෑ නො ලැබුම ද ඉන් - දුක යැයි මුනි වදාළේ”
මේ ඉච්ඡාවිඝාත දුඃඛයෙහිවිනිශ්චය යි.
-
ස:වි: විභඞ්ගඪ කථා 76 ↑