මෙහි නො අඩුවැ නො වැඩිවැ ආර්‍ය්‍ය සත්‍ය සතරක් මැ වදාළේ කවර හෙයින් ද
චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් පිටත්හි පරමාර්‍ථ සත්‍යයන් නො ලැබෙන බැවින් හා එක් සත්‍යයක්වත් පහ නො කළ හැකි බැවිනි.
එයින් වදාළහ.
“ඉධ භික්ඛවෙ අගච්ඡෙය්‍ය සමණො වා බ්‍රාහ්මණො වා නෙතං දුක්ඛං අරියසච්චං අහමෙතං දුක්ඛං අරියසච්චංඨපෙත්‍වා අඤ්ඤං දුක්ඛං අරියසච්චං පඤ්ඤා පෙස්සාමීති නෙතං ඨානං විජ්ජති”[1]
‘මහණෙනි මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘මේ ශ්‍රමණ භවත් ගෞතමයන්’ වදාළ දුඃඛාර්‍ය්‍ය සත්‍යය දුඃඛාර්‍ය්‍ය සත්‍යය නොවේ. දුඃඛාර්‍ය්‍ය සත්‍යය අනෙකකි. මේ කියන ලද දුඃඛාර්‍ය්‍ය සත්‍යය හැර මම අන්‍ය වූ දුඃඛාර්‍ය්‍ය සත්‍යයක් පනවමියි, ප්‍රතිවිරුද්ධව එන්නේ යැ, යන මේ කාරණය අවිද්‍යාමාන ය, යනාදිය හා
“යො හි කොචි භික්ඛවෙ සමණො වා බ්‍රාහ්මණො වා එවං වදෙය්‍ය. නෙතං දුක්ඛං පඨමං අරියසච්චං යං සමණෙන ගොතමෙන දෙසිතං අහමෙතං දුක්ඛං පඨමං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛං පඨමං අරියසච්චං පඤ්ඤාපෙස්සාමිති නෙතං ඨානං විජ්ජති”2 ‘මහණෙනි! යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් වදාළ මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය ප්‍රථමාර්‍ය්‍ය සත්‍යය නො වේ. මම මේ ප්‍රථම දුඃඛාර්‍ය්‍ය සත්‍යය ප්‍රතික්‍ෂේප කොට අනෙක් ප්‍රථම දුඃඛාර්‍ය්‍ය සත්‍යයක් පනවමි’යි මෙසේ කියන්නේ ය. යන යමක් වේද එබන්දක් නො වේයයි, වදාළහ.
තවද වෘත්තදුඃඛයා ගේ පැවැත්ම වදාළ බුදුහු එයට හේතුවක් සමග ද (එසේම) වෘත්තදුඃඛයා ගේ නැවැත්ම එයට උපාය සමගද වදාළහ. මෙසේ මේ වෘත්තදුඃඛයාගේ පැවැත්ම හා එයට හේතුව ද, නැවැත්ම හා එයට උපාය ද යනු මෙපමණක්ම හෙයින් සතරක් ම වදාළහ.
එසේම පිරිසිඳ දතයුතු, ප්‍රහීණ කළයුතු, ප්‍රත්‍යක්‍ෂ කළයුතු, වැඩියයුතු, ධර්‍මයන් ගේ වශයෙන් ද, තෘෂ්ණාවට අරමුණ ය. ඒ අරමුණෙහි ඇලෙන තෘෂ්ණාවය, තෘෂ්ණාව වැළැක්මය, එයට උපායය යන මොවුන් ගේ වශයෙන් දැයි මෙසේ නන් අයුරින් සතරක් ම වදාළහ.
මේ අනූනාධික වශයෙන් විනිශ්චය යි.
-
සං:නි: ධම්මචක්කසංයුත්තක 1079 ↑