(13) ශුන්‍යතා වශයෙන්:-
පරමාර්ථ වශයෙන් සියලු සත්‍යයෝ විඳින්නෙක, කරන්නෙක, නිවන්නෙකෙ, යන්නෙකැ යි මෙසේ සත්ත්‍වයකු නැති හෙයින් සත්ත්‍ව ශුන්‍යතායෙන් ශුන්‍ය හෙයින් විඳීම ය, ක්‍රියාව ය, නිවීම ය, ගමනය යන ක්‍රියා මාත්‍රය හෙයින් බාහිර පරිකල්පිත වේදකාදීන්ගෙන් ශුන්‍යයහ.
හුදෙක් තම තමා අයත් ප්‍රත්‍යයයෙන් පවත්නා කල්හි ව්‍යවහාර මාත්‍රයෙන් දුක් විඳියයි කිය යි.
එහෙයින් කියන ලදී.
“දුක්ඛ මෙවහි න කොචි දුක්ඛිතො
කාරකො න කිරියාව විජ්ජති
අත්‍ථිනිබ්බුති න නිබ්බුතො පුමා
මග්ගමත්‍ථි ගමකො න විජ්ජති[1]”
‘දුක් වේදනාව මැ ඇති, දුක් විඳින්නෙක් නැති, ක්‍රියාවක් ඇති ක්‍රියාව කරන්නෙක් නැති, නිවීමෙක් ඇති, නිවීමට (නිවනට) පැමිණියෙක් නැති, මගෙක් ඇති, මග යන්නෙක් නැති,
තවද,
“ධුව-සුභ සුබත්තසුඤ්ඤං-පුරිමද්‍වයමත්තසුඤ්ඤමමතපදං
ධුව-සුඛ-අත්ත විරහිතො-මග්ගො ඉනි සුඤ්ඤතා තෙසු”1
‘දුක්ඛ සමුදය යන සත්‍ය ද්‍වය නිත්‍ය-ශුභ-සුඛ-ආත්ම යන මොවුන්ගන් ශුන්‍යය නිර්වාණය ආත්මයෙන් ශන්‍යය. මාර්‍ගය නිත්‍ය-සුඛ-ආත්මයෙන්-ශුන්‍යය. මෙසේ දුක්ඛාදීන් ගේ ශුන්‍යත්‍ව දතයුතු.
විශේෂ:- ක්ලේශ අශුචි වගුරුවන හෙයින් පූර්‍ව සත්‍ය ද්වයය අශුභය. නිරෝධ-මාර්‍ග සත්‍ය ද්වයය අනාශ්‍රව හෙයින් ශුභය. දුක්ඛාදි තුන නිරෝධයෛන් ශූන්‍ය ය. නිරෝධය ද සෙසු දුඃඛය, සමුදය, මාර්‍ගය යන තුනින් ශුන්‍යයි.
දුක්ඛසත්‍යයට පර්‍ය්‍යාය වශයෙන් සමුදය -මාර්‍ග සත්‍ය භාවය ද, සමුදය සත්‍යයට දුඃඛ මාර්‍ග සත්‍ය භාවය ද මාර්‍ග සත්‍යයට දුඃඛ -සමුදය සත්‍ය භාවය ද සිද්ධය.
එහෙත් දුඃඛාදියට නිරෝධ භාවය අසිද්ධ යි.
තවද මෙහි පුනර්‍භවය ගෙන දෙන තෘෂ්ණාවට පුනර්‍භවය වූ දුඃඛය යන ව්‍යවහාරය නැති හෙයින් හේතුව වූ සමුදය සත්‍යයෙහි ඵලය වූ දුඃඛ සත්‍යය ද හේතුව වූ මාර්‍ග සත්‍යයෙහි ඵලය වූ නිරෝධ සත්‍යය ද නැති හෙයින් හේතුව ඵලයෙන් ශුන්‍ය යැ.
ප්‍රකෘතිවාදී කපිලසෘෂි මතයෙහි ප්‍රකෘති භාවයෙන් සිටි මහත්ත්‍වාදී විකෘතීන් ප්‍රලය අවස්ථාවෙහි ප්‍රකෘතියෙහි විලීනවැ එක් වැ බැඳී පවත්නා සේ නොව, දුඃඛ - නිරෝධයන් මාර්‍ගයන් ගෙන් ශුන්‍ය හෙයිනි.
දුඃඛ-සමුදය දෙදෙනාගේ ද, නිරෝධ-මාර්‍ග දෙදෙනාගේ ද, එක්වැ පැවැත්මක් නැති හෙයින් ඵලය හේතුවෙන් ශුන්‍ය වේ.
‘සූත්‍ර සංඛ්‍යාත හේතුන් ගේ සමවායය මැ වස්ත්‍ර සංඛ්‍යාත ඵලය (සමවෙතය) වන්න් ව. ද්වයය එක්වීම ම ද්වි අනුකය වන්නේ ය.’ යන සමවායවාදී මතය සේ නො වේ.
(විස්තර ටීකායෙන් දන්නේයි.)
එයින් කියන ලදී.
“තයමිධ නිරොධ සුඤ්ඤං - තයෙන තෙනාපි නීබ්බුති සුඤ්ඤා
සුඤ්ඤො ඵලෙන හෙතු - ඵලම්පි තං හෙතුනා සුඤ්ඤං”
මේ චතුස්සත්‍යයන් අතුරින් දුඃඛ - සමුදය - මාර්‍ග සත්‍යත්‍රය නිරෝධයෙන් ශුන්‍ය යැ. නිරෝධය, දුඃඛාදි ත්‍රයයෙන් ශුන්‍ය යැ. සමුදය සත්‍යයෙහි දුඃඛ සත්‍යය ද, මාර්ග සත්‍යයෙහි නිරෝධ සත්‍යය ද නැති හෙයින් හෙතුව ඵලයෙන් ශුන්‍ය යැ. එසේමැ දුඃඛයෙහි සමුදය දල නිරෝධයෙහි මාර්‍ගය ද නැති හෙයින් ඵලය හේතුවෙනේ ශුන්‍යය යි.
මෙසේ ශුන්‍යතා වශයෙන් විනිශ්චය දතයුතු.
-
ස:වි: විභඞ්ගඪ කථා 62 ↑