(12) චතුෂ්ක වශයෙන් :-
මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන් අතුරෙහි
(1) දුඃඛ වූ ආර්‍ය්‍ය සත්‍ය නොවූ ධර්‍මයෙකුදු ඇති.
(2) ආර්‍ය්‍ය සත්‍ය වූ දුක් නොවූ ධර්‍මයෙකුදු ඇති.
(3) දුක් වූ ද ආර්‍ය්‍ය සත්‍ය වූ ද ධර්‍මයෙකුදු ඇති.
(4) දුක් නොවූ ආර්‍ය්‍ය සත්‍ය නොවූ ධර්‍මයෙකුදු ඇති.
සමුදය සත්‍යාදියෙහි ද මේනය මැයි.
විස්තර:- පෙරකී චතුෂ්කයෙහි (1) මාර්‍ගඞ්ග හැර මාර්‍ග සම්ප්‍රයුක්ත චිත්ත-චෛතසික ධර්‍ම ද ඵල සිත් සතර ද “යදනිච්චංතං දුක්ඛං”[1] යි ‘යමක් ඇතිවැ නැතිවේ නම් ඒ දුකයැයි’ වදාල වචනය පරිදි සංස්කාර දුඃඛ ව හෙයින් දුක් වේ. ආර්‍ය්‍ය සත්‍ය නො වේ. (පරිඤ්ඤෙය්‍ය-පහාතබ්බ-අසංඛත-නීය්‍යාන භාවයක් නැති හෙයිනි.)
(2) නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය වේ. දුක් නම් නොවේ. අන්‍ය සමුදය-මාර්‍ග සත්‍යද්‍වයය අනිත්‍ය හෙයින් ම, (සංස්කාර දුඃඛ හෙයින් දුක් වේ. (තථභාවෙයන්) පරිඤ්ඤෙය්‍ය අර්‍ථයෙන් දුඃඛාර්‍ය්‍ය සත්‍ය නො වේ.
ඒ මෙසේයි:- යම් ආර්‍ය්‍ය සත්‍යයක් පිරිසිඳ දැනීම බුදු සසුන්හි බඹසරවස් වෙසේ නම් ඒ සත්‍යයා ගේ පරිඤ්ඤෙය්‍ය කාත්‍යභාවයෙන් ආර්‍ය්‍ය සත්‍ය නොවේ. (ඒ සංස්කාර දුඃඛය පරිඤ්ඤෙය්‍ය සංඛ්‍යාත තථඅර්‍ථයෙන් දුඃඛාර්‍ය්‍ය සත්‍ය නොවන හෙයිනි)
(මේ වචනයෙන් සමුදය-මාර්‍ග යන ආර්‍ය්‍ය සත්‍යයෝ දෙදෙන දුඃඛය හ, දුඃඛාර්‍ය්‍ය සත්‍යයෝ නො වෙති. ‘ආර්‍ය්‍ය සත්‍යය හ. නදුඃඛයහයි’ කීවෙත්. ආර්‍ය්‍යසත්‍ය ශබ්දයාමැ පරකොට ඇති දුඃඛාදි ශබ්දයෝ පරිඤ්ඤෙය්‍යාදි භාවය කියති. එහෙයින් මැ ආර්‍ය්‍ය සත්‍ය ශබ්දාපේක්‍ෂක වූ දුඃඛ ශබ්දය සඳහා මාර්‍ග සම්ප්‍රයුක්තයන් හා ශ්‍රාමණ්‍ය ඵලධර්‍මයන් ගේ ආදි පදයෙහි සංග්‍රහ කරන ලද ආර්‍ය්‍යසත්‍ය ශබ්දාපෙක්‍ෂක වූ දුඃඛ ශබ්දය සඳහා සතරවන පෙදෙහි සංග්‍රහ කරන ලදැයි දතයුතු යනු සත්‍යයි.)
(3) තෘෂ්ණාව හැර උපාදානස්කන්‍ධ පඤ්චකය පරිසමාප්ත්‍යර්‍ථ යෙන් දුඃඛ හා ආර්‍ය්‍ය සත්‍ය වේ.
විශේෂ:- (තෘෂ්ණාව ද උපාදානස්කන්‍ධයෙහි ඇතුළත් වන හෙයින් එය වැළැක්ම පිණිසයැ තෘෂ්ණාව හැරයයි කීයේ)
(4) චතුර්විධ මාර්‍ග සම්ප්‍රයුක්ත වූ චිත්ත-චෛතසික ධර්‍ම හා මාර්‍ග-ඵල චිත්තයෝ ද, යම් ආර්‍ය්‍යසත්‍යයක් පිරිසිඳීම සඳහා බුදුසසුන් වැද බඹසරවස් වෙසේ නම් ඒ සත්‍යයාගේ පිරිසිඳීම් අර්‍ථයෙන් දුඃඛ නොවෙයි. ආර්‍ය්‍යසත්‍ය ද නො වේ.
මේ දුඃඛ සත්‍යයෙහි චතුෂ්කනයයි.
සමුදයාදියෙහි ද මෙසේ චතුෂ්ක වශයෙන් යෙදිය යුතු (මෙය සත්‍යවිභඞ්ග අභිධර්‍ම භාජනියෙහි විස්තර වේ.)
ඒ සැකෙවින් මෙසේයි:- සමුදය චතුෂ්කයෙහි
තෘෂ්ණාව හැර සෙසු ක්ලේශයෝ ද, තෘෂ්ණාව හා සම්බන්‍ධ වූ අවශේෂ චිත්තොත්පාදයෝ ද “සමුදයො න අරියසච්චං” යන පූර්‍වපදයෙහි සංග්‍රහ වේ.
සමුදය නො වූ දුඃඛ සත්‍යය “අරියසච්චං න සමුදයො” යන දෙවන පදයෙහි ඇතුළති.
තෘෂ්ණාව “සමුදයො චෙව අරියසච්චංච” යන තුන්වන පදයෙහි ඇතුළති.
මාර්‍ග සම්ප්‍රයුක්ත ධර්‍ම හා සතර ඵල චිත්තයෝ “නෙව සමුදයො න අරියසච්චං” යන සිවුවන පදයෙහි සංග්‍රහ වෙත්.
නිරෝධ චතුෂ්කයෙහි:- සංස්කාරන් ගේ ක්‍ෂණ භඞ්ගය හා නිරොධ සමාපත්තිය “නිරොධො න අරියසච්චං” යන පළමු පදයෙහි ද,
නිරොධ සත්‍යයෙන් අන්‍ය වූ සත්‍යත්‍රය සාක්‍ෂාත් කර්‍තව්‍ය කෘත්‍ය ඇති හෙයින් “න නිරොධො අරියසච්චං” යන දෙවෙනි පදයෙහි ද,
නිර්‍වාණය “නිරොධො චෙව අරියසච්චඤ්ච” යන තුන්වන පදයෙහි ද,
මාර්‍ග සම්ප්‍රයුක්ත ධර්‍ම හා සතර ඵල ධර්‍මයෝ “නෙව නිරොධොන අරියසච්චං” යන සිවුවන පදයෙහි ද සංග්‍රහ වෙත් මාර්‍ග චතුෂ්කයෙහි:-
ආර්‍ය්‍ය මාර්‍ගයෙන් අන්‍ය වූ මිථ්‍යා මාර්‍ගයෝ “මග්ගො න අරිය සච්චං” යන්නෙහි ද,
මාර්‍ග සත්‍යයෙන් අන්‍ය වූ සත්‍යත්‍රය “න මග්ගො අරිය සච්චං” යන්නෙහි ද,
ආර්‍ය්‍ය මාර්ගාඞ්ග අට “මග්ගො චෙව අරියසච්චඤ්ච” යන්නෙහි ද,
ඵලචිත්තේතාතපාදයෝ “නෙව මග්ගො න අරියසච්චං” යන්නෙහි ද, සංග්‍රහ වෙත්.
මෙසේ චතුස්ක වශයෙන් චතුස්සත්‍යයෙහි විනිශ්චය දත යුතුයි.
-
සං: නි: ඛන්‍ධසංයුත්ත 430 ↑