(5) කෘත්‍ය වශයෙන්, “චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණ ධාතුයා තංසමුට්ඨානානං ච රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො”[1] ‘චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට හා තත් සමුත්‍ථාන රූපයනට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ’ යැයි වදාළ හෙයින් මෙහි කෘත්‍යය වශයෙන් ගනු ලබන්නේ ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයභාවය සිද්ධ වූ කෘත්‍යය මැයි. ඒ කෘත්‍යයා ගේ අනන්‍ය සාධාරණ බව හා ඉන්‍ද්‍රියාර්‍ථයා ගේ ස්ථානය ද වූ හෙයිනි.
(ජනකත්‍වය හෝ උපස්තම්භකත්වය හෝ අනුපාලකත්‍වය හෝ ඇත්තාහු මැ ප්‍රත්‍යයෝ යි.)
චක්‍ෂුඃප්‍රසාදාදීන් ගේ තීක්ෂණ මන්‍දාදිභාවය අනුවැ චක්‍ෂුර් විඥානාදිය තීක්ෂණ මන්‍දාදිභාවයට පැමිණවීම් වශයෙන් තමා ගේ ආකාරයට පමුණුවන ස්වභාවය ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයභාවය යැ. මේය එහි කෘත්‍ය ය.
එහෙයින් මැ චක්‍ෂුරින්‍ද්‍රියයා ගේ රූපාලම්බනය හා ගැටීමට යෝග්‍යතාවය නැති කල චක්‍ෂුර්විඥානයා ගේ දර්‍ශන කෘත්‍යය සිද්ධ නොවේ.
ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය යන්ගේ කෘත්‍යය ද, එසේ මැයි. මනින්‍ද්‍රියයා ගේ වනාහි සහජාත ධර්‍මයන් තමා ගේ වශයෙහි පැවැත්වීමෙන් ඊශ්වරත්‍වය වේ. ඒ වූකලී පූර්‍වඞ්ගම වීම් වශයෙනි.
ජීවිතින්‍ද්‍රියයාගේ සහජාත ධර්‍මයන් පාලනය කිරීම කෘත්‍යය යැ. සහජාත නාම-රූප ධර්‍මයන් පාලනය කිරීම ජිවිතෙන්‍ද්‍රියයා ගේ ඊශ්වරත්‍වය වේ.
ලිඞ්ග-නිමිත්ත-කුන්ත-ආකප්ප යන ආකාර රචනා කිරීම ස්ත්‍රීන්‍ද්‍රිය-පුරුෂෙන්‍ද්‍රියයන් ගේ කෘත්‍යය යැ.
(මේ ද්වාවීසති ධර්‍මයන් ගේ ඉන්‍ද්‍රියත්වය නම් ජනකත්‍වය හා උපස්තම්භකත්‍වය යැ. ඒ ලක්‍ෂණයෙන් යුක්ත වූ ඉන්‍ද්‍රියයෝ විස්සෙ (20) කි. මේ ‘භාවඉන්‍ද්‍රිය’ දෙක පෙර කී ලිඞ්ගාදියට ජනකත්‍වයක් හෝ උපස්තම්භකත්වයක් නැත්තේ ය. එහෙත් කර්‍මාදි අන්‍ය ප්‍රත්‍යයයෙන් උපදනා රූපයනට ස්ත්‍රී-පුරුෂ ආකාර ගැනීම මොවුන් ගේ කෘත්‍යය යි.)
සහජාත ධර්‍මයන් මැඩගෙන තම තමා අයත් ඖදාරිකාකාරයට පැමිණවීම සුඛ-දුඃඛ-සොමනස්ස-දොමනස්ස වේදනාවන් ගේ කෘත්‍යය යි. සහජාත ධර්‍මයෝ ද, ඔවුන්ගේ වශයෙන් සැප-දුක් ආදි ස්වභාවයට පැමිණියාක් මෙන් වෙති.
උපෙක්ඛා ඉන්‍ද්‍රියය ශාන්ත ප්‍රණීත බවට හෝ මධ්‍යස්ත ආකාරයට පැමිණවීම් කෘත්‍යය යැ.
අස්සද්ධියාදි ප්‍රතිපක්ෂ ධර්‍ම මැඩපැවැත්වීම හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් ශාන්ත ආකාරාදියට පැමිණවීම ය, උපස්තම්භාකාරය, එළඹසිටි ආකාරය, මොනවට පිහිටි ආකාරය, ස්වභාව දක්නා ආකාරය, යන මේවාට පැමිණවීම පිළිවෙලින් ශ්‍රද්ධාදි පඤේචන්‍ද්‍රියයන් ගේ කෘත්‍යය යි.
සක්කායදිට්ඨි ආදි ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කිරීම හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් ඒ ප්‍රහාණයට අභිමුඛ කිරීම ද, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයා ගේ කෘත්‍යය යි.
කාමරාග-ව්‍යාපාදාදි සංයෝජනයන්ගේ තුනී කිරීම ද, ප්‍රහාණය කිරීම ද, සහජාත ධර්‍මයන් තමා ගේ වශයෙහි පැවැත්වීම ද, මාර්‍ග සම්ප්‍රයුක්ත අඤ්ඤින්‍ද්‍රියයා ගේ කෘත්‍යය යැ.
ඵලසම්ප්‍රයුක්ත අඤ්ඤින්‍ද්‍රිය ය ඒ ඒ සංයෝජනයන් පටිප්පස්සද්ධි වශයෙන් ප්‍රහාණය කිරීම කෘත්‍යය යි.
(පරිඤේඤය්‍ය - පහාතබ්බ - භාවෙතබ්බ - සච්ඡිකාතබ්බ ධර්‍මයන් පරිඤ්ඤාණ - පහාණ - භාවනා - සාක්‍ෂාත්කරණ යන සියලු කෘත්‍යය ඇති හෙයින් අනෙක් කළමනා කෘත්‍ය නැති.)
අඤ්ඤාතාවින්‍ද්‍රියය අමෘතාභිමුඛවීම් හා සහජාත ධර්‍මයන්ගේ අමෘතාභිමුඛ භාවයට ප්‍රත්‍යයවීම් ද, කෘත්‍යය යැ. සෙස්සවුන් මෙන් අනෙක් කෘත්‍යයෙහි නුපුරුදු බවද වේ.
මේ කෘත්‍ය වශයෙන් විනිශ්චය යි.
-
පඨා : ප: පච්චයනිදේදස 6
(“චක්ඛුන්‍ද්‍රියං” යනු ය එහි වනුයේ) ↑