උන්වහන්සේට පසු කාලයෙහි ‘ශෝභිත’ නම් ශාස්තෘන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයෙහි ශත කෝටියක් (කෝටි සියයක්) භික්‍ෂූහු වූහ. දෙවැන්නෙහි අනූ කෝටියකි. තෙවැන්නෙහි අසූ කෝටියකි. එකල බෝසතාණෝ ‘අජිත’ නම් බ්‍රාහ්මණයකු ව ඉපිද ශාස්තෘන් වහන්සේගේ දහම් අසා සරණ ශීලයෙහි පිහිටා බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දුන්නේය. උන්වහන්සේ ද ඔහුට “බුදු වන්නෙහි ය” යි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය ‘සුධම්ම’ නම් විය. පියා ද ‘සුධම්ම’ නම් රජ විය. මව ද ‘සුධම්මා’ නම් දේවිය වූවාය. ‘අසම’ සහ ‘සුනෙත්ත’ දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. ‘අනෝම’ නම් තෙරණුවෝ උපස්ථායක වූහ. ‘නකුලා’ සහ ‘සුජාතා’ දෙනම අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. නාග වෘක්‍ෂය බෝධිය විය. ශරීරය අටපනස් රියනක් උස් විය. ආයු ප්‍රමාණය අවුරුදු අනූ දහසක් විය.
“රේවත බුදුරජුන්ට පසුව, සමාහිත වූ, සන්සුන් සිත් ඇති, අසම වූ, ප්‍රතිපුද්ගලයෙකු නැති ‘ශෝභිත’ නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.”