වෙස්සභූ බුදුරජුන්ට අපර භාගයෙහි මේ (භද්‍ර) කල්පයෙහි බුදුවරු සතර නමක් පහළ වූහ. එනම් කකුසඳ, කෝණාගමන, කස්සප සහ අප ගෞතම බුදුන් වහන්සේය. කකුසඳ බුදුන් වහන්සේට එකම ශ්‍රාවක සමාගමක් විය. එහි භික්ෂූන් සතළිස් දහසක් වූහ. එදවස බෝසතාණෝ ඛේම නම් රජව ඉපිද බුදුපාමොක් මහ සඟනට පාසිවුරු සහිත මහා දානයක් ද, අඳුන් ආදී බෙහෙත් ද දී බුදු දහම අසා පැවිදි වූහ. උන්වහන්සේ ද (බෝසතුන්) බුදු වන බව ප්‍රකාශ කළහ. ඒ බුදුරජුන්ගේ විස්තර මෙසේය:
- නගරය: ඛේම
- පියා: අග්ගිදත්ත නම් බ්‍රාහ්මණයා
- මව: විසාඛා නම් බැමිණිය
- අගසව්වෝ: විධුර සහ සංජීව මහරහතන් වහන්සේලා
- උපස්ථායක: බුද්ධිජ තෙරණුවෝ
- අග්‍ර ශ්‍රාවිකාවෝ: සාමා සහ චම්පකා තෙරණියෝ
- බෝධිය: මහරි ගස (මහාසිරීස)
- ශරීර උස: සතළිස් රියනකි
- ආයු කාලය: වසර සතළිස් දහසකි.
වෙස්සභූ බුදුරජුන්ට අපර භාගයෙහි දෙපා ලාභීන්ගෙන් උතුම් වූ, ප්‍රමාණ කළ නොහැකි ගුණ ඇති, ළං විය නොහැකි තෙද ඇති කකුසඳ නම් සම්බුදු රජාණන් වහන්සේ පහළ වූ සේක.