සිඛී බුදුන් වහන්සේට අනතුරුව වෙස්සභූ නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. පළමු සමාගමේදී භික්ෂූන් අසූ දහසක් ද, දෙවැන්නෙහි හැත්තෑ දහසක් ද, තෙවැන්නෙහි හැට දහසක් ද වූහ. මේ සමයෙහි බෝසතාණෝ සුදස්සන නම් රජව, බුදුපාමොක් මහ සඟනට සිවුරු සහිත මහ දන් දී උන්වහන්සේ වෙත පැවිදි ව, සිරිත් විරිත් ගුණයෙන් යුක්තව බුද්ධ රත්නය විෂයයෙහි අතිශය ගෞරව ඇතිව (සිත පහදවාගෙන), ප්‍රීති බහුලව විසූහ. ඒ බුදුන් වහන්සේ ද “මෙයින් එක් තිස් වැනි කපෙහි දී නුඹ බුදු වන්නෙහිය” යි විවරණ දුන්හ. ඒ බුදුරජුන්ගේ විස්තර මෙසේය:
- නගරය: අනෝම
- පියා: සුප්පතීත රජ
- මව: යසවතී දේවිය
- අගසව්වෝ: සෝණ සහ උත්තර මහරහතන් වහන්සේලා
- උපස්ථායක: උපසන්ත තෙරණුවෝ
- අග්‍ර ශ්‍රාවිකාවෝ: දාමා සහ සමාලා තෙරණියෝ
- බෝධිය: සල් ගස
- ශරීර උස: හැට රියනකි
- ආයු කාලය: වසර හැට දහසකි.
එම මණ්ඩ කල්පයේදීම, අසම වූ, ප්‍රතිපුද්ගලයෙකු නැති වෙස්සභූ නම් ජිනේන්ද්‍රයන් වහන්සේ ලොව පහළ වූ සේක.