කෝණාගමන බුදුරජුන්

star_outline

කකුසඳ බුදුන් වහන්සේට අනතුරුව කෝණාගමන නම් ශාස්තෘන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේට ද එක් ශ්‍රාවක රැස්වීමකි. එහි භික්ෂූන් තිස් දහසක් වූහ. එකල බෝසතාණෝ පබ්බත නම් රජව ඇමැති පිරිස පිරිවරා බුදුරජුන් වෙත එළැඹ, දහම් අසා, බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කොට මහ දන් පවත්වා, පත්තුණ්ණ දේශයේ පිළි, චීන දේශයේ පිළී, කොසෙය්‍ය (පට පිළි), කම්බල (ලොම් වස්ත්‍ර), දුහුල් වස්ත්‍ර සහ රන් මිරිවැඩි සඟලක් ද පූජා කොට බුදුරජුන් සමීපයෙහි පැවිදි වූහ. උන්වහන්සේ ද බෝසතුන්ට විවරණ දුන්හ. ඒ බුදුරජුන්ගේ විස්තර මෙසේය:

  1. නගරය: සෝභවතී
  2. පියා: යඤ්ඤදත්ත බ්‍රාහ්මණයා
  3. මව: උත්තරා බැමිණිය
  4. අගසව්වෝ: භිය්‍යස සහ උත්තර මහරහතන් වහන්සේලා
  5. උපස්ථායක: සොත්ථිජ තෙරණුවෝ
  6. අග්‍ර ශ්‍රාවිකාවෝ: සමුද්දා සහ උත්තරා තෙරණියෝ
  7. බෝධිය: දිඹුල් ගස (උදුම්බර)
  8. ශරීර උස: තිස් රියනකි
  9. ආයු කාලය: වසර තිස් දහසකි.

කකුසඳ බුදුන් වහන්සේට පසුව, දෙපා ලාභීන්ගෙන් උතුම් වූ, ලෝකයාට ජ්‍යේෂ්ඨ වූ, නරයන් අතර ශ්‍රේෂ්ඨ වූ කෝණාගමන නම් ජිනේන්ද්‍රයන් වහන්සේ පහළ වූ සේක.