තිස්ස බුදුන් වහන්සේට අපර භාගයෙහි ඵුස්ස නම් ශාස්තෘන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේගේ ශ්‍රාවක සමාගම් තුනකි. පළමු සමාගමෙහි භික්ෂූන් සැට දහසක් ද, දෙවැන්නෙහි පනස් දහසක් ද, තෙවැන්නෙහි තිස් දෙදහසක් ද වූහ. එකල බෝසතාණෝ විජිතාවී නම් ක්‍ෂත්‍රියව ඉපිද, මහා රාජ්‍යය හැර ශාස්තෘන් වහන්සේ සමීපයෙහි පැවිදි ව, තුන් පිටකය ඉගෙන මහජනයාට දහම් දෙසූහ. සීල පාරමිතාව ද පිරූහ. ඒ බුදුන් වහන්සේ ද “නුඹ බුදු වන්නෙහිය” යි එලෙසම විවරණ දුන්හ. උන්වහන්සේගේ විස්තර මෙසේය:
- නගරය: කාසී
- පියා: ජයසේන රජ
- මව: සිරිමා දේවිය
- අගසව්වෝ: සුරක්ඛිත සහ ධම්මසේන මහරහතන් වහන්සේලා
- උපස්ථායක: සභිය තෙරණුවෝ
- අග්‍ර ශ්‍රාවිකාවෝ: චාලා සහ උපචාලා තෙරණියෝ
- බෝධිය: නෙල්ලි ගස (ආමලක)
- ශරීර උස: පනස් අට රියනකි
- ආයු කාලය: වසර අනූ දහසකි.
එම මණ්ඩ කල්පයේදීම, ලොවට අග්‍ර නායක වූ, උපමා කළ නොහැකි, අසම සම වූ (බුදුවරුන්ට පමණක් සම වූ), අනුත්තර වූ ඵුස්ස ශාස්තෘන් වහන්සේ පහළ වූ සේක.