පියදස්සී බුදුරජුන්ට අපර භාගයෙහි අත්ථදස්සී නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. ප්‍රථමයෙහි අට අනූ ලක්‍ෂයක් (9,800,000) ශ්‍රාවකයෝ වූහ. දෙවැන්නෙහි අට අසූ ලක්‍ෂයකි. තෙවැන්නෙහි ද එපමණය. එදවස බෝසතාණෝ සුසීම නම් මහත් සෘද්ධි ඇති තවුසෙක් වී දෙව්ලොවින් මදාරා මල් කුඩයක් ගෙනැවිත් බුදුන් වහන්සේට පූජා කළහ. ඒ බුදුන් වහන්සේ ද “අනාගතයේ නුඹ බුදු වන්නෙහිය” යි ප්‍රකාශ කළහ. උන්වහන්සේගේ විස්තර මෙසේය:
- නගරය: ශෝභිත
- පියා: සාගර රජ
- මව: සුදස්සනා දේවිය
- අගසව්වෝ: සන්ත සහ උපසන්ත මහරහතන් වහන්සේලා
- උපස්ථායක: අභය තෙරණුවෝ
- අග්‍ර ශ්‍රාවිකාවෝ: ධම්මා සහ සුධම්මා තෙරණියෝ
- බෝධිය: සපු ගස (චම්පක)
- ශරීර උස: අසූ රියනකි. උන්වහන්සේගේ ශරීරාලෝකය හැම කල්හි හාත්පස යොදුනක් පමණ පැතිරී පැවතුණි.
- ආයු කාලය: වසර ලක්‍ෂයකි.
එම මණ්ඩ කල්පයේදීම, නරයන්ට ශ්‍රේෂ්ඨ වූ අත්ථදස්සී බුදුන් වහන්සේ මහා මෝහාන්ධකාරය නසා උතුම් සම්බෝධියට පැමිණි සේක.