64. ක්‍රියාවිශේෂණ ADVERBS

‘දාරකො සුඛං සයති (=ළමයා සැපසේ නිදයි.) කී කල්හි ‘සුඛං’ යන පදයෙන් නිදීමේ විශේෂයක් ප්‍ර‍කාශ කරනු ලැබේ. එබැවින් ‘සුඛං’ යන්න ක්‍රියාවිශේෂණයකි.

ක්‍රියාවිශේෂණ සියල්ල නපුංසකලිංගයෙහි දුතියා ඒක වචනයෙහි වේයයි පාලිව්‍යාකරණයන්හි දක්වා තිබේ. ඇතැම් නිපාතපද ද ක්‍රියාවිශේෂණ වශයෙන් යෙදෙන බව පෙනේ. ඛිප්පං (=වහා) සනිකං (=හෙමින්) යන මේවා නපුංසක ඒකවචන මෙන් පෙනෙතත් නිපාතපද වෙති.

සහසා (=වහා), ‘පච්ඡතො’ (=පස්සෙන්), ‘පුරතො’ (=ඉදිරියෙන්), ‘පච්ඡා’ (=පසුව), ‘විසුං’ (=වෙන්ව) යන මේ නිපාතයන් ද ක්‍රියාවන් සමග යෙදෙන බැවින් යට කී ඒකවචන ලක්‍ෂණය නැතත් ක්‍රියාවිශේෂණයයි කියයුතුය.

පාලි වචනය

සිංහල තේරුම

පාලි වචනය

සිංහල තේරුම

සාධුකං

මනාකොට

අභිණ්හං

නිතර

සීඝං

වහා

සමං

සම ලෙස

දුක්ඛං

දුකසේ

විසමං

විසම ලෙස

සනිකං

සෙමින්

විසුං

වෙන්ව

ද්වික්ඛත්තුං

දෙවරක්

එවං

මෙසේ

එකධා

එක් ආකාරයකින්

 

 

අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 24.
keyboard_arrow_rightඅභ්‍යාසය 25.
keyboard_arrow_rightඅභ්‍යාසය 26.