සිංහලට නැගියයුතු:
- ඉමෙසං දසන්නං ධනවන්තානං පඤ්චමො සුඛං ජීවති.
- අයං දීපි සනිකං ආගන්ත්‍වා සහසා ගාවියා උපරි පති.
- අට්ඨන්නං කඤ්ඤානං ඡට්ඨා ගාවිං දළ්හං බන්‍ධිත්‍වා වාපිං නෙසි.
- ඉමෙ පඤ්ච දාරකා අභිණ්හං මග්ගෙ ධාවන්තා කීළන්ති.
- ඉමෙසු නවසු සිස්සෙසු පඤ්චමො සාධුකං උග්ගණ්හාති.
- භික්ඛූ භගවතො සන්තිකං ආගන්ත්‍වා වන්දිත්‍වා එකමන්තං නිසීදිංසු.
- සො සෙට්ඨි ධනං පඤ්චධා[1] විභජිත්‍වා පඤ්චන්නං ධීතරානං අදාසි.
- තස්ස ඡට්ඨාය ධීතුයා පුත්තො ද්වික්ඛත්තුං ඉමං නගරං ආගච්ඡි.
- පඨමං තෙ අස්සා රථං සමං ආකඩ්ඪිංසු, දුතියං සීඝං ධාවිංසු.
- මම අට්ඨන්නං භාතරානං චතුත්‍ථො දුක්ඛං වසති.
- කථං තෙ චත්තාරො වාණිජා තත්‍ථ වසන්තා භණ්ඩානි වික්කිණන්ති?
- සො ධීතරං එවං වත්‍වා සහසා අඤ්ඤං ඨානං ගච්ඡි.
පාලියට නැගියයුතු:
- ඒ ළමයි සදෙන නිතර මෙතැන්හි ක්‍රීඩා කරත්.
- මේ ගොවියන් සත්දෙන අතුරෙන් සතරවැන්නා සැපසේ ජීවත් වෙයි.
- රජතෙමේ දෙවරක් නුවරින් පිටත අවුත් මේ වැවෙහි නෑවේය.
- අශ්වයෝ සමලෙස රථ අදිමින් වහා දුවති.
- මේ භික්ෂූන් සත්නම අතුරෙන් තෙවැන්නා මනාසේ සිල් නොරකියි.
- ඒ වෙළෙන්දෝ දොළොස්දෙන බුදුන් වෙතට ගොස් ධර්‍මය ඇසීමට එක් පසෙක හිඳගත්හ.
- සොරෙක් හදිසියෙන් අවුත් මාගේ කුඩය ගෙන දිව්වේය.
- මාගේ මිත්‍රයාගේ පුත්‍රයන් පස්දෙන අතුරෙන් තෙවැනියා දුකසේ ඉගෙන ගනියි.
- ඔවුහු හෙමින් ගංඉවුරට ගොස් එහි ඇවිද වෙන්ව හැරී ආහ.[2]
- ඔහුගේ සවැනි සොහොයුරාගේ දෙවැනි දුව වහා ඉගෙනගනී.
- ගොවිතෙම ගොනෙකු දැඩිලෙස බැඳ කුඹුරට ගෙනගොස් එය සීසෑවේය.
- රජතෙම රාජ්‍යය සතර කොටසකට[3] බෙදා පුතුන් සිවුදෙනාට දුන්නේය.
65. කාරක විස්තරය
“පුරිසො රුක්ඛං ඡින්‍දති” (=මිනිසා ගස කපයි) කීකල්හි ‘ පුරිසො ’ යන්න සිඳීමේ ක්‍රියාව කරන්නා බැවින් කර්‍තෘ (= කත්තු ) නම් වේ. ‘ රුක්ඛං ’ යන්න සිඳීම ලබන බැවින් කර්‍ම ( කම්ම ) නම් වේ. ‘ ඡින්‍දති ’ යනු පුරුෂයාගේ ක්‍රියාවයි .
මේ කර්‍තෘ කර්‍මාදීන්ට ‘කාරක’
යන නමක් ඇත්තේයි. ඒ වචනයේ අර්‍ථය නම්:- ‘ක්‍රියාව
සම්පාදනය කරන්නා’ යනුයි. ඒ අර්‍ථයෙන් ප්‍රධාන වශයෙන්
ගැනෙන්නේ කර්‍තෘ හෙවත්
(1) කර්‍තෘ කාරකයයි.
අප්‍රධාන වශයෙන්
(2) කර්‍මකාරක
(3) කරණකාරක
(4) සම්ප්‍රදානකාරක
(5) අපාදානකාරක
(6) ආධාරකාරක යන පද පස ද ගනු
ලැබේ.
මෙහි (1) ක්‍රියාව කරන්නා කර්‍තෘකාරකයෙහි වැටේ. පඨමා විභක්තිය ද තතියා විභක්තිය ද මේ සඳහා යෙදිය හැකියි. කර්‍තෘ පඨමාවෙන් සිටි කල ‘උක්තකර්‍තෘ’ යයි කියනු ලැබේ. තතියාවෙන් සිටිවිට ‘අනුක්තකර්‍තෘ’ යයි කියනු ලැබේ.
(2) කරනු ලබන දෙය කර්‍මකාරකයෙහි වැටේ. දුතියා විභක්තිය ද පඨමා විභක්තිය ද මේ සඳහා යෙදිය හැකියි. කර්‍මය දුතියාවෙන් සිටි කල අනුක්තය යි ද පඨමාවෙන් සිටි කල උක්ත ය යි ද කියනු ලැබේ.
(3) යම් දෙයක් කරණකොටගෙන, යමක උපකාරයෙන් ක්‍රියාව කරනු ලැබේ ද, ඒ දේ කරණකාරකයෙහි වැටේ. (ඵරසුනා ඡින්‍දති) = ‘පොරවෙන් කපයි’ යන තැන ක්‍රියාව සම්පූර්‍ණ කිරීමට පොරොව උපකාර වේ. මේ සඳහා කරණ විභක්තිය යෙදිය යුතුයි.
(4) යමෙකුට දෙනු ලැබේ ද, කැමතිවනු ලැබේ ද, ඒ දෙනු ලබන්නා හෝ කැමතිවනු ලබන්නා සම්ප්‍රදානකාරකයෙහි වැටේ. (භික්ඛූනං චීවරානි දෙන්ති = භික්‍ෂූන්ට සිවුරු දෙත්, යන තැන දීම ලබන්නේ භික්ෂූහුයි. එබැවින් ‘භික්ඛූනං’ යන්න සම්ප්‍රදාන කාරකයෙහි වේ.) මේ සඳහා චතුත්‍ථි විභක්තිය යෙදියයුතු.
(5) යමක් කෙරෙන් වෙන් වේද, භයවේ ද ඒ දේ හෝ පුද්ගලයා අපාදාන කාරකයෙහි වැටේ. ‘ඵලං රුක්ඛම්හා පතති’ යන තැන වෙන්වීමයි. ‘දාරකා සීහම්හා භායන්ති’ යන තැන භයවීමයි. මේ සඳහා පඤ්චමී විභක්තිය යෙදියයුතු.
(6) යම් දෙයක් ක්‍රියාවගේ පිහිටා සිටීමට ආධාරවේ ද ඒ දෙය ආධාරකාරකයෙහි වැටේ. (‘මනුස්සො භූමියං තිට්ඨති’) යන තැන ‘භූමියං’ යන්න මනුෂ්‍යයාගේ සිටීමට ආධාර වේ. මේ සඳහා සත්තමී විභක්තිය යෙදියයුතු.
‘පුරිසො ගාමා නික්ඛමිත්‍වා අටවියං ඨත්‍වා හත්‍ථෙසු ඵරසුං ආදාය
රුක්ඛං ඡින්‍දති’ (=පුරුෂයා ගමින් නික්ම වනයෙහි සිට අත්වලින්
පොරව ගෙන ගස කපයි) යන වාක්‍යයෙහි:
පාලි වචනය |
කාරකය |
පුරිසො |
කර්‍තෘකාරකයෙහියි. |
ඵරසුං, රුක්ඛං |
කර්‍මකාරකයෙහියි. |
හත්‍ථෙහි |
කරණකාරකයෙහියි. |
ගාමා |
අපාදානකාරකයෙහියි. |
අටවියං |
ආධාරකාරකයෙහියි. |
“සො භික්ඛූ ගෙහෙ නිසීදාපෙත්‍වා තෙසං චීවරානි දත්‍වා ගෙහා නික්ඛමිත්‍වා රථෙන නගරං අගමාසි” (=හෙතෙම භික්ෂූන් ගෙහි හිඳුවා උන්වහන්සේලාට සිවුරු දී ගෙයින් පිටත්ව රථයෙන් නුවරට ගියේය) යන වාක්‍යයෙහි:
පාලි වචනය |
කාරකය |
‘සො’ |
කර්‍තෘකාරකයෙහියි |
භික්ඛූ, චීවරානි, නගරං |
කර්‍මකාරකයෙහියි. |
‘රථෙන’ |
කරණකාරකයෙහියි. |
‘තෙසං’ |
සම්ප්‍රදානකාරකයෙහියි. |
‘ගෙහා’ |
අපාදානකාරකයෙහියි. |
‘ගෙහෙ’ |
ආධාරකාරකයෙහියි. |
ඉතිරිපද පූර්‍වක්‍රියා ද අවසාන ක්‍රියාව ද වෙති.