40. සර්‍වනාමයෝ ලිඟු තුනෙහිම වැටෙති. පුරුෂයකු වෙනුවෙන් හෝ පුරුෂයෙකුගේ විශේෂණයක් වශයෙන් සර්‍ව නාමයක් යොදන කල්හි පුල්ලිඞ්ගයෙහි ද, ස්ත්‍රියක වෙනුවෙන් හෝ ස්ත්‍රියකට විශේෂණ කොට යොදන කල්හි ඉත්‍ථිලිඞ්ගයෙහි ද, නපුංසකයකු වෙනුවෙන් හෝ ඔහුට විශේෂණ කොට යොදන කල්හි නපුංසක ලිඞ්ගයෙහි ද වැටෙත්.
මෙහි ‘පුරුෂයකු’ ‘ස්ත්‍රියක’ ‘නපුංසකයකු’ යයි කියන ලද නමුත් ඒ ලිඟු තුනෙහි වැටෙන අන්‍ය ශබ්දයන් වෙනුවෙන් යෙදෙන කල්හි හෝ ඒ ශබ්දයන් විශේෂ කරන කල්හිත් සර්‍වනාමයෝ ඒ ඒ ශබ්දයන්ගේ ලිඟුව ගනිත්. (විශේෂණය ගැන පසුව කරුණු දක්වනු ලැබේ.)
“පුරිසො අජ්ජ ගාමං ගච්ඡති. සො සුවෙ ආගමිස්සති” (=පුරුෂයා) අද ගමට යයි. හෙතෙම හෙට (හැරී එන්නේය.) යන තැන ‘සො’ යන්න සර්‍වනාමයකි. එය පළමු කී පුරුෂයා වෙනුවට යෙදී තිබේ. එබැවින් එය පුල්ලිඞ්ගයෙහි වේ.
“අයං පුරිසො රුක්ඛං ඡින්‍දති” (මේ මිනිසා ගස කපයි) යන තැන ‘අයං’ යන සර්‍වනාමය ‘පුරිසො’ යන්නට විශේෂණව යෙදී තිබේ.
“එකා කඤ්ඤා භත්තං පචි. සා තං භුඤ්ජිස්සති” (=එක් කන්‍යාවක් බත් පිසීය. ඕ එය අනුභව කරන්නීය) යන තැන ‘සා’ යන සර්‍වනාමය ‘කඤ්ඤා’ වෙනුවට යෙදී තිබේ. කඤ්ඤා ඉත්‍ථිලිඞ්ගයෙහි බැවින් ඒ වෙනුවට යෙදූ සර්‍ව නාමයත් ඉත්‍ථි ලිඞ්ගයෙහි වේ. එකා යන සර්‍වනාමය ‘කඤ්ඤා’ යන්නට විශේෂණව යෙදී තිබේ.
“අයං දාරකො ඵලානි ඔචිනිත්වා තානි භාතරානං අදාසි” (=මේ ළමයා ගෙඩි කඩා රැස්කොට ඒවා සොහොයුරන්ට දුන්නේය) යන තැන ‘තානි’ යන සර්‍වනාමය ‘ඵලානි’ වෙනුවට යෙදී තිබේ. ඵල ශබ්දය නපුංසකයෙහි බැවින් ‘තානි’ යන්න ද නපුංසකයෙහි වේ.
41. සර්‍වනාමයක් වූ ය - ශබ්දය ලිඟු තුනෙහි වරනැගෙන ආකාරය.
පුල්ලිඞ්ගයෙහි
විභක්තිය |
එකවචන |
බහුවචන |
පඨමා |
යො (=යමෙක්) |
යෙ (=යම් කෙනෙක්) |
දුතියා |
යං (=යමකු) |
යෙ (=යම් කෙනෙකුන්) |
තතියා |
යෙන (=යමකු විසින්) |
යෙභි, යෙහි (=යම් කෙනෙකුන් විසින්) |
චතුත්‍ථි |
යස්ස |
යෙසං, යෙසානං |
පඤ්චමී |
යම්හා, යස්මා |
යෙභි, යෙහි |
ඡට්ඨි |
යස්ස |
යෙසං, යෙසානං |
සත්තමී |
යම්හි, යස්මිං |
යෙසු |
කරණ |
යෙන |
යෙභි, යෙහි |
මේ ය - ශබ්දය හා තවත් බොහෝ සර්‍වනාමවලට ආලපනයක් නැත.
ඉත්‍ථිලිඞ්ගයෙහි
විභක්තිය |
එකවචන |
බහුවචන |
පඨමා |
යා (යම් ස්ත්‍රියක්) |
යා, යායො (යම් ස්ත්‍රිහු) |
දුතියා |
යං (යම් ස්ත්‍රියකු) |
යා, යායො (යම් ස්ත්‍රීන්) |
තතියා |
යාය |
යාභි, යාහි |
චතුත්‍ථි |
යස්සා, යාය |
යාසං, යාසානං |
පඤ්චමී |
යාය |
යාභි, යාහි |
ඡට්ඨි |
යස්සා, යාය |
යාසං, යාසානං |
සත්තමී |
යස්සං, යායං |
යාසු |
කරණ |
යාය |
යාභි, යාහි |
නපුංසක ලිංගයෙහි
විභක්තිය |
එකවචන |
බහුවචන |
පඨමා |
යං (=යම් දෙයක් හෝ යමක්) |
යෙ, යානි (=යම් දේවල්) |
දුතියා |
යං (=යමක්) |
යෙ, යානි (=යම් දේවල්) |
තතියා |
යෙන |
යෙභි, යෙහි |
ඉතිරි සියල්ල පුල්ලිංගයෙහි මෙනි.
පාලි වචනය |
සිංහල තේරුම |
පාලි වචනය |
සිංහල තේරුම |
|
සබ්බ |
සියලු |
උභය |
දෙදෙන |
|
අඤ්ඤතර |
එක්තරා, අප්‍රකට වූ |
කතම |
(බොහෝ දෙනාගෙන්) කවරෙක් |
|
අඤ්ඤ |
අනෙක් |
ක (මුල කිං) |
කවර |
|
අපර |
අන්‍ය, බටහිර දෙස, පසු |
පර |
පසු වූ, අන්‍ය |
|
ඉතර |
(දෙදෙනාගෙන්) අනිකා |
එක |
එක්තරා |
|
කතර |
(දෙදෙනොගෙන්) කවරෙක් |
|
|
යන ශබ්ද ද ය -
ශබ්දය මෙන් ලිංගත්‍රයෙහි වරනැගිය යුතු.
42.මේ ශබ්දයන් අතුරෙන් අඤ්ඤ, අඤ්ඤතර, ඉතර, එක ශබ්දයන්ගේ ඉත්‍ථිලිඞ්ගයෙහි
චතුත්‍ථි - ඡට්ඨි
- ඒකවචනවල අඤ්ඤිස්සා, අඤ්ඤතරිස්සා,
ඉතරිස්සා, එකිස්සා යන වචන ද
සත්තමී ඒකවචනයෙහි: අඤ්ඤිස්සං, අඤ්ඤතරිස්සං, ඉතරිස්සං, එකිස්සං යන වචන ද
පුබ්බ, පර, අපර යන ශබ්දයන්ගේ පුල්ලිඞ්ගයේ
පඤ්චමී ඒකවචනයෙහි: පුබ්බා, පරා, අපරා යන වචන ද
සත්තමී ඒකවචනයෙහි
පුබ්බෙ, පරෙ, අපරෙ යන වචන ද
දක්නා ලැබෙත්.
43.සර්‍වනාම වශයෙන් ද විශේෂණ වශයෙන් දැයි සර්‍වනාමයන්ගේ දෙයාකාර වූ පැවැත්මක් ඇත්තේය.
අඤ්ඤො (=අනිකෙක්) යි තනිව දැක්වූ විට එය තවත් ශබ්දයකට විශේෂණ නොවේ. අන්‍ය ශබ්දයක් වෙනුවෙන් සිටින්නේ වේ. මෙහි මේ අඤ්ඤ ශබ්දයෙන් ප්‍රකාශ කරනු ලබන්නා කවරෙක්දැයි නොපෙනෙන නමුත් පුල්ලිංගයෙන් දැක්වූ බැවින් පුරුෂයකු හෝ පුල්ලිඞ්ගයෙහි වූ අන්‍ය සත්‍වයකු හෝ ද්‍රව්‍යයක් වෙනුවෙන් යොදන ලද බව පැහැදිලිය.
අඤ්ඤො පුරිසො (=අන් පුරුෂයෙක්)
යි කී කල්හි “අඤ්ඤො” යන්න “පුරිසො” යන්නට විශේෂණව සිටී. පුරුෂයෝ බොහෝ දෙනෙක් නම්:
අඤ්ඤෙ පුරිසා (=අන් පුරුෂයෝ)
යි පුරිස - ශබ්දය බහුවචනය අනුව අඤ්ඤ - ශබ්දය ද බහු වචනයෙන් යුක්ත වේ.
ඉතරා වනිතා (=අනික් ස්ත්‍රිය)
ඉතරායො වනිතායො (=අන්‍ය ස්ත්‍රීහු)
වනිතා - ශබ්දය ඉත්‍ථිලිඞ්ගයෙහි බැවින් ඒ සමග යෙදුණු ඉතර - ශබ්දය ද ඉත්‍ථිලිඞ්ගයෙහි වේ.
යං ඵලං (=යම් ගෙඩියක්)
යානි ඵලානි (=යම් ගෙඩි)
ඵල - ශබ්දය
නපුංසකයෙහි බැවින් ය -
ශබ්දය ද නපුංසකයෙහි වේ. මෙසේ සර්‍වනාමයෝ යමකු වෙනුවට පෙනී සිටිත් නම්
ඔහුගේ ලිඞ්ග විභක්ති - වචන ද යම් නාමයක් හා (සම්බන්ධව) යෙදෙත් නම් ඒ
නාමයාගේ ලිඞ්ග - විභක්ති වචන ද ගන්නා බව සැලකිය යුතු.