39. (ආ) නාමපද වනාහි
- නාමනාම
- සබ්බනාම
- සමාසනාම
- තද්ධිතනාම
- කිතකනාම යන පස් කොටසකට බෙදන ලදහ.
(2) සබ්බනාම නම්, ත (=ඒ), ඉම (=මේ), ය (=යම්), සබ්බ (=සියලු), ඉතර (=අනික්) අම්හ (=මම), තුම්හ (=තෝ) යනාදිය යි.
(3) සමාසනාම නම් පද දෙකක් හෝ ඊට වැඩි ගණනක් හෝ එක් වී සෑදෙන නාමයෝයි. නීලුප්පල (=නිල් උපුල්) රාජපුත්ත (=රාජ පුත්‍ර), සුරාසුරනරොරග (=දෙවි අසුර මිනිස් සර්‍ප) යනාදියයි.
(4) තද්ධිතනාම නම්: නාමයකින් පරව ‘ඔහුගේ පුත්‍රයා’ යනාදි අර්‍ථයෙක්හි යම්කිසි ප්‍රත්‍යයක් වී සෑදෙන නාමයෝයි. සමණ - ශබ්දය කෙරෙන් පුත්‍රාර්‍ථයෙහි ණෙර යන ප්‍රත්‍ය වී සාමණෙර යන්න සෑදේ. “ශ්‍රමණයාගේ පුත්‍ර”යන අර්‍ථ ඇත්තේය.
(5) කිතකනාම නම් ධාතුවකින් ප්‍රත්‍යයක් වී සෑදෙන නාමයකි. දීමෙහි වූ දා - ධාතුව කෙරෙන් ණ්වූ ප්‍රත්‍යය වී නැවත ඒ ප්‍රත්‍යයට ‘අක’ යන ආදේශය වීමෙන් දායක යන නාමය සෑදේ. ‘දෙන්නා’ යන අර්‍ථ ඇත්තේය.
(6) මෙකී නාම සතරෙන් වෙන්වූ රුක්ඛ (=ගස), මනුස්ස (=මිනිස්), අස්ස (=අශ්ව), භූමි (=පොළොව), චිත්ත (=සිත) ආදී ශබ්දයෝ නාමනාම නම් වෙත්.
‘සාරිපුත්ත’ , ‘ආනන්‍ද’ ආදී සංඥා නාමයෝ ද මෙහිම ඇතුළත් වෙති.