සත්ත අසද්ධම්මා:

22. අස්සද්ධෝ හෝති,

23. අහිරිකෝ හෝති,

24. අනොත්තප්පි හෝති,

25. අප්පස්සුතෝ හෝති,

26. කුසීතෝ හෝති,

27. මුඨස්සති හෝති,

28. දුප්පඤ්ඤෝ හෝති.

අසත්පුරුෂයන්ගේ ස්වභාවයෝ, ලාමක අශාන්ත ස්වභාවයෝ අසද්ධර්මයෝ ය. මේ පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙකි. ශ්‍ර‍ද්ධාව නැති බව, පවට ලජ්ජාව නැති බව, පවට බිය නැති බව, නූගත් බව, අලස බව, සිහිමුළා බව යන මේ කරුණු සත අසද්ධර්මයෝ ය. මෙහි නූගත් බවය කියනුයේ ධර්මය නො දන්නා බව ය.