සත්ත පරියුට්ඨානානි:

15. කාමරාගපටියුට්ඨානං,

16. පටිඝපරියුට්ඨානං,

17. මානපරියුට්ඨානං,

18. දිට්ඨිපරියුට්ඨානං,

19. විචිකිච්ඡාපරියුට්ඨානං,

20. භවරාගපරියුට්ඨානං.

21. අවිජ්ජාපරියුට්ඨානං.

ජවන චිත්තය හා එක් ව ඉපදීම් වශයෙන් නැඟී සිටියා වූ හෙවත් උත්පාද ස්ථිති භංග යන ක්ෂණත්‍ර‍යට පැමිණීම් වශයෙන් නැගී සිටියා වූ ධර්මයෝ පරියුට්ඨාන නම් වෙති. නැගී සිටි කාමරාගය කාමරාග පරියුට්ඨානය ය. නැගී සිටි ද්වේෂය පටිඝපරියුට්ඨානය ය. නැගී සිටි මානය මානපරියුට්ඨානය ය. සෙස්ස ද මේ නයින් දත යුතු ය.