ඡ දොමනස්සුපවිචාරා:

49. චක්ඛුනා රූපං දිස්වා දොමනස්සට්ඨානියං රූපං උපවිචරති.

50. සෝතෙන සද්දං සුත්වා දොමනස්සට්ඨානියං සද්දං උපවිචරති.

51. ඝාණෙන ගන්ධං ඝායිත්වා දොමනස්සට්ඨානියං ගන්ධං උපවිචරති.

52. ජිව්හාය රසං සායිත්වා දෝමනස්සට්ඨානියං රසං උපවිචරති.

53. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා දොමනස්සට්ඨානියං ඵොට්ඨබ්බං උපවිචරති.

54. මනසා ධම්මං විඤ්ඤාය දොමනස්සට්ඨානියං ධම්මං උපවිචරති.

ඇසින් රූප දැක දොම්නසට හේතු වන රූපයෙහි සිත හැසිරවීම, කනෙන් ශබ්ද අසා දොම්නසට හේතු වන ශබ්දයෙහි සිත හැසිරවීම, නාසයෙන් ගන්ධ දැන දොම්නසට හේතුවන ගන්ධයෙහි සිත හැසිරවීම, දිවෙන් රස දැන දොම්නසට හේතු වන රසයෙහි සිත හැසිරවීම, කයින් ස්පර්ශය දැන දොම්නසට හේතුවන ස්ප්‍ර‍ෂ්ටව්‍යයෙහි සිත හැසිරවීම, මනසින් ධම්මාරම්මණය දැන දොම්නසට හේතු වන ධම්මාරම්මණයෙහිසිත හැසිරවීම යන මේ සය දෝමනස්සුපවිචාරයෝ ය.

මෙයින් දැක්වෙන්නේ දොම්නසට හේතු වන රූපාදියෙහි සිත පවත්වමින් ද්වේෂ කිරීමෙන් විසීම ය. ඇතැමකුට අනුන්ගේ දොස් අඩුපාඩුකම් ගැන සිතමින් ද්වේෂයෙන් කල් ගත කරන ස්වභාව ඇත්තේ ය. ඒ දෝමනස්සුපවිචාරය ය.