ඡ සෝමනස්සුපවිචාරා:

43. චක්ඛුනා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති.

44. සෝතේන සද්දං සුත්වා සෝමනස්සට්ඨානියං සද්දං උපවිචරති.

45. ඝාණෙන ගන්ධං ඝායිත්වා සෝමනස්සට්ඨානියං ගන්ධං උපවිචරති.

46. ජිව්හාය රසං සායිත්වා සෝමනස්සට්ඨානියං රසං උපවිචරති.

47. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා සෝමනස්සට්ඨානියං ඵොට්ඨබ්බං උපවිචරති.

48. මනසා ධම්මං විඤ්ඤාය සෝමනස්සට්ඨානියං ධම්මං උපවිචරති.

ඇසින් රූප දැක සොම්නසට හේතුවන රූපයන්හි සිත හැසිරවම, කනින් ශබ්ද අසා සොම්නසට හේතු වන ශබ්දයන්හි සිත හැසිරවීම, නාසයෙන් ගන්ධය ආඝ්‍රාණය කොට සොම්නසට හේතු වන ගන්ධයෙහි සිත හැසිරවීම, දිවෙන් රස දැන සොම්නසට හේතු වන රසයෙහි සිත හැසිරවීම, කයින් ස්ප්‍ර‍ෂ්ටව්‍ය ස්පර්ශ කොට සොම්නසට හේතු වන ස්ප්‍ර‍ෂ්ටව්‍යයෙහි සිත හැසිරවීම, සිතින් ධම්මාරම්මණය දැන සොම්නසට හේතු වන ධර්මයෙහි සිත හැසිරවීම යන මේ සය සෝමනස්සුපවිචාරයෝ ය.

මේවායින් කියැවෙන්නේ ෂට්ද්වාරයෙන් ගන්නා ලද රූපාදි ආරම්මණයන් අතුරෙන් සොම්නසට හේතු වන ඉෂ්ටාරම්මණයන්හි තණ්හා වශයෙන් රාග වශයෙන් සිත නැවත නැවත හැසිරවීම ය. ඒවා ගැන නැවත නැවත සිතීම ය.