ඡ උපෙක්ඛුපවිචාරා:

55. චක්ඛුනා රූපං දිස්වා උපෙක්ඛාඨානියං රූපං උපවිචරති.

56. සෝතේන සද්දං සුත්වා උපෙක්ඛාඨානියං සද්දං උපවිචරති.

57. ඝාණෙන ගන්ධං ඝායිත්වා උපෙක්ඛාඨානියං ගන්ධං උපවිචරති.

58. ජිව්හාය රසං සායිත්වා උපෙක්ඛාඨානියං රසං උපවිචරති.

59. කායේන පොට්ඨබ්බං ඵුසිත්වා උපෙක්ඛාඨානියං පොට්ඨබ්බං උපවිචරති.

60. මනසා ධම්මං විඤ්ඤාය උපෙක්ඛාඨානියං ධම්මං උපවිචරති.

ඇසින් රූප දැක උපේක්‍ෂාවට හේතු වන රූපයන්හි සිත හැසිරවීම, කනින් ශබ්ද අසා උපේක්‍ෂාවට හේතු වන ශබ්දයන්හි සිත හැසිරවීම, නාසයෙන් ගන්ධය ආඝ්‍රාණය කොට උපේක්‍ෂාවට හේතු වන ගන්ධයෙහි සිත හැසිරවීම, දිවෙන් රස දැන උපේක්‍ෂාවට හේතු වන රසයෙහි සිත හැසිරවීම, කයින් ස්ප්‍ර‍ෂ්ටව්‍යය ස්පර්ශ කොට උපේක්‍ෂාවට හේතු වන ස්ප්‍ර‍ෂ්ටව්‍යයෙහි සිත හැසිරවීම, සිතින් ධම්මාරම්මණය දැන උපේක්‍ෂාවට හේතු වන ධම්මාරම්මණයෙහි සිත හැසිරවීම යන මේවා උපෙක්ඛුපවිචාර නම් වේ.

මෙයින් දැක්වෙන්නේ උපේක්‍ෂාවට හේතු වන ආරම්මණයන්හි ලෝභමූලික උපේක්‍ෂා සිතක් නැවත නැවත ඉපදවීම ය. මෝහ සහගත අඤ්ඤානුපෙක්ඛාව හෝ පැවැත්වීම ය.