පඤ්ච දිට්ඨියො:

46. සඤ්ඤි අත්තා හෝති අරෝගෝ පරම්මරණා.

47. අසඤ්ඤි අත්තා හෝති අරෝගෝ පරම්මරණා.

48. නේවසඤ්ඤි නාසඤ්ඤි අත්තා හෝති අරෝගෝ පරම්මරණා.

49. සතෝ වා පන සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.

50. දිට්ඨධම්ම නිබ්බානං වා පනේකේ අභිවදන්ති.

මරණින් මතු ද සංඥා සහිත ආත්මය අවිනෂ්ට ව පවත්නේ ය යනු එක් දෘෂ්ටියකි. සංඥාවාද සොළොසක් බ්‍ර‍හ්මජාල සූත්‍රයේ දැක්වේ. ඒවා මතු විස්තර කරන්නෙමු. මරණින් මතු සංඥා රහිත ආත්මය අවිනෂ්ට ව ඇත්තේ ය යනු එක් දෘෂ්ටියෙකි. බ්‍ර‍හ්මජාලයෙහි අසඤ්ඤිවාද අක් දක්වා ඇත්තේ ය. මරණින් මතු සංඥාවක් ඇත්තේ ද නො වන නැත්තේ ද නො වන ආත්මය අවිනෂ්ට ව ඇත්තේ ය යනු එක් දෘෂ්ටියකි. නේවසඤ්ඤා නාසඤ්ඤා වාද ද අටක් ඇත්තේ ය. මරණින් මතු ඇත්තා වූ සත්ත්වයා විනාශ වන්නේ ය, සිඳෙන්නේ ය යනු එක් දෘෂ්ටියකි. දෘෂ්ටධර්මයෙහි හෙවත් වර්තමාන භවයේ ම නිවන ඇත්තේ ය යනු එක් දෘෂ්ටියකි. දිට්ඨධම්ම නිබ්බාන වාද පසක් ඇත්තේ ය. මේ සියල්ල මතු විස්තර වන්නේ ය.